අද දින යාපනය දිස්ත්රික්කයේ දී වලයාකාර සූර්යග්රහණයක් දැකගත හැකිය. මන්නාරමේ සිට ශ්රී ලංකාවට ඇතුළු වන සූර්යග්රහණය යාපනයේ උදේ 9.34 ට දැකගත හැකිය. එය පවතින්නේ මිනිත්තු හතරක කාලයක් පමණි.
අර්ධ සූර්යග්රහණය කොළඹ වාසීන් සඳහා උදේ 8:10 සිට නිරීක්ෂණය කළ හැකිය. උපරිම අර්ධ අවධිය උදෑසන 9:36 ට සිදුවන අතර චන්ද්රයා සූර්යයාගෙන් 87.6% ක් පමණ ආවරණය කරයි. සූර්යග්රහණය පෙරවරු 11.22 ට අවසන් වේ.