වයිබර් සමූහ වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ එකවර පුද්ගලයින් 20දෙනෙකු සම්බන්ධ කරගැනීමේ අවස්ථාව හිමිවෙයි

vibre-group-calls
  • වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ.

සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ සදහා කිසිදු කාල සීමා බාධකයක් ද පණවා නොමැත. මීට පෙර එළිදැක්වූ වැඩිදියුණු කළ වයිබර් සමූහ ඇමතුම් (සාමාන්‍ය) සේවාවට ලැබුණු ඉහළ සැළකිල්ලට ගෙන මෙම වීඩියෝ ඇමතුම් සේවාව හඳුන්වා දෙන ලද්දේ, මුහුණට මුහුණලා කෙරෙන සාකච්ඡා මෙන්ම සම්මන්ත්‍රණ සඳහා ආදේශ වශයෙන් වීඩියෝ ඇමතුම් ලබාගැනීම විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇති පසුබිමක ය.

සමාජ දුරස්ථ භාවය පවත්වාගැනීමේ අවශ්‍යතාව මත සමූහ වශයෙන් රැස්වීම පිළිබඳව අලුතින් සිතීමට සිදුව තිබේ. එහිදී මෙවැනි ඩිජිටල් හමුවීම් පහසුවක් මෙන්ම අත්‍යවශ්‍යතාවක් පිරිමැසීමකි. උදාහරණයක් ලෙස සූප ශාස්ත්‍ර පන්ති පවත්වන සූපවේදීන්, යෝගා පන්ති පවත්වන යෝගා ගුරුවරු ඇතුළු බොහෝ දෙනෙක්ට එවැනි ආරක්ෂිත හා කාර්යක්ෂම ඩිජිටල් පහසුකමක අවශ්‍යතාව පවතී.

වයිබර් ඇප් එක හරහා මෙම වීඩියෝ ඇමතුම් (Viber’s Group Video Calls) ලබාගත හැකි අතර තිරය බෙදාගැනීම (Screen Sharing), මෙන්ම ජංගම දුරකථන හා පරිගණක යන දෙයාකාරයෙන් ම වීඩියෝ ඇමතුම් ගැනීම වැනි පහසුකම් ද එහි අන්තර්ගත වීම විශේෂත්වයකි. වයිබර් group chats, සමූහ ඇමතුම් හා මෙම නවතම සමූහ වීඩියෝ ඇමතුම් පහසුකමත් සමඟ අලුත් වූ තත්ත්වයන්ට අනුගතව කටයුතු කිරීමේ හැකියාව වයිබර් භාවිතාකරන්නන්ට උදාවේ.

වයිබර් සමූහ වීඩියෝ ඇමතුමක් ලබාගැනීම ඉතාමත් පහසු ය. තිරයේ ඉහළින් ඇති video බොත්තම එබීමෙන් හෝ දැනටමත් ලබාගෙන ඇති වීඩියෝ ඇමතුමක් නම් add more participants බොත්තම එබීමෙන් සමූහ වීඩියෝ ඇමතුමක් ලබාගත හැක.

සමූහ වීඩියෝ ඇමතුමකදී යම් මොහොතක කතා කරන පුද්ගලයාගේ රූපය පමණක් සියලු දෙනාගේ තිරය මත දිස්වේ. කෙසේ වෙතත් ඇමතුම අතරතුරදී අවශ්‍ය නම් එක් අයකුගේ රූපය පමණක් තමන්ගේ තිරය මත රැඳී සිටින ලෙස සකසා ගැනීමේ හැකියාව (pin කිරීමට) ද පවතී. එමෙන්ම වීඩියෝ ඇමතුම අතරතුරදී තම මයික්‍රෆෝනය මෙන්ම වීඩියෝව ද අක්‍රිය කළ හැකි අතර, සෙසු අය තමන්ගේ මය්‍රිකෆෝන හා කැමරා විසන්ධි කර ඇත්ද යන්න පවා දැනගත හැක.

“පුද්ගලයින් 20ක් දක්වා එකම වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වීමේ මෙම පහසුකම අපි හඳුන්වා දෙන්නේ මහත් සතුටකින්. ඒ වගේම ඉතාම ඉක්මණින් මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට වඩාත් පහසුවෙන් සන්නිවේදනය කිරීමේ ඉඩකඩ සලසා දෙමින් වයිබර් අන් කවරදාකටත් වඩා විශාල සේවයක් සමාජයට සලසමින් සිටිනවා. පෙරට වඩා වීඩියෝ ඇමතුම් මේ වනවිට අපගේ ජීවිතවල අංගයක් බවට පත්වෙලා. මේ විශේෂාංගය හඳුන්වාදෙමින්, වයිබර් භාවිතකරන්නන්ට පවතින තත්ත්වය යටතේ ඩිජිටල් හමුවක් සංවිධානය කරගනීමේ අවස්ථාව අපි උදාකර දී තිබෙන්නේ ඒ අනුවයි” යනුවෙන් වයිබර් හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.

සමාජ දුරස්ථභාවය නිසා අපි එකිනෙකාගෙන් වෙන්ව සිටිය යුතු නොවේ. වයිබර් නිසා දැන් තම සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන සැළකිලිමත් වන අතරේදී ම රැකියා ස්ථානයේ සගයින්, මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමඟ මුහුණට මුහුණලා කතාබහ කිරීමේ හැකියාව උදා වී ඇත.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය.  මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න. වැඩිදුර තොරතුරු සඳහා media@viber.com ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව