ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයනය මූලික කර ගත් මෙරට ප්‍රථම පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි

Tissue Culture Lab - E (1) (LBN)

කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයන මූලික කර ගත් මෙරට ප්‍රථම පෞද්ගලික පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි. එය නිකවැරටිය, දලුක්ගොල්ල ප්‍රදේශයේ ලෝටස් බීජ ගොවිපොළ තුළ පිහිටා ඇත. අති නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඉදි කර ඇති මෙම විද්‍යාගාරය විවෘත  කිරීමේ උත්සවයට හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති (කෘෂි ව්‍යාපාර) දීපාල් උඩුකුඹුර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. විද්‍යාගාරයේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවක්ද පැවැත්විණි. රාජ්‍ය නිලධාරීන් සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ඔවුන් සඳහන් කළේ මෙම විද්‍යාගාරය මෙරට කෘෂිකාර්මික ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අතිශයින් වැදගත් බවයි.

දේශීය සහ අපනයන වෙළෙඳපොළ සඳහා නිරෝගී උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් මෙම විද්‍යාගාරය ආරම්භ කර තිබේ. ඒ මගින් විෂබීජහරණය කළ පාලිත තත්ත්ව යටතේ මහා පරිමාණ ශාක ප්‍රචාරණයට හැකියාව ලැබෙන අතර වටිනා ශාක ප්‍රභේදවල ගුණාත්මකභාවය සහ වේගවත් ප්‍රචාරණය සහතික කෙරේ. විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ලෝටස් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. ඒ. එම්. ජනිත් අබේකෝන් මෙසේ සඳහන් කළේය. “තිරසාර කෘෂිකර්මාන්තය සහ ජෛව තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා අප සතු කැපවීම මෙම මුලපිරීම තුළින් පිළිබිඹු වෙනවා. ගොවීන්ට සහ අපනයනකරුවන්ට සහාය වීමට අමතරව නව ශාක ප්‍රභේද සහ නවීන වගා ක්‍රමවේද පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන් කිරීමටත් මෙමගින් අවස්ථාව ලැබෙනවා.” මෙම විද්‍යාගාරයේ මේ වන විට කෙසෙල්, අන්නාසි වැනි පලතුරු, ඕකිඩ්, වින්කා වැනි මල්, වල්ලපට්ටා, කෝමාරිකා වැනි වාණිජමය වටිනාකමක් සහිත බෝග ආශ්‍රිත පැළ නිපදවයි. වැඩි දුර පර්යේෂණ මගින් ශාක විවිධත්වය පුළුල් කිරීම, නව ජානමය ප්‍රභේද සංවර්ධනය කිරීම, අපනයන වෙළඳපොළ සඳහා අස්වැන්න හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා නව ක්‍රම ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම මුලපිරීමත් සමඟ ලෝටස් සමාගම් සමූහය මෙරට කෘෂි තාක්ෂණික අංශයේ ප්‍රමුඛයෙකු ලෙස තම භූමිකාව වඩාත් ශක්තිමත් කරන අතර කෘෂිකර්මාන්තයේ අනාගතය හැඩගැස්වීම සඳහා නවෝත්පාදනය, තිරසාරභාවය සහ විද්‍යාත්මක විශිෂ්ටත්වය ඒකාබද්ධ කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව