ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලන සම්මාන උළෙලේ දී සියැට් කැලණි ද්විත්ව ජයග්‍රහණ ලබයි

Word HRD Congress awards 2025 (LBN)

පසුගිය දා කොළඹ දී පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්‍රී ලංකාව සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සන්නාම උපායමාර්ගය, සේවක වටිනාකම්, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් ක්‍රියාපටිපාටි, විවිධත්වය හා අන්තර්ගත කිරීම, සේවායෝජක කීර්තිය, නව්‍යෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ප්‍රතිඵල යනාදිය ශ්‍රී ලංකාව සඳහා වූ සම්මානවල ඇගයීම් ක්‍රියාවලිය පදනම් වූ නිර්ණායක විය.
 



 

සැබෑ ලෙස ම සතුටින් සිටින ශ්‍රම බලකායක් පෝෂණය කිරීම මෙන් ම පොදු වටිනාකම් මත ගොඩනැඟුන සංස්කෘතියක් පවත්වා ගැනීම වෙනුවෙන් තම ව්‍යාපාර හා මානව සම්පත් උපායමාර්ග පෙළගැස්වීම උදෙසා වන සමාගමේ කැපවීම, මෙම නව සම්මාන වලින් මනාව තහවුරු කරයි. දශක දෙකක සේවා කාලයක් කැප කළ සේවකයින් 150කටත් අධික සංඛ්‍යාවක් ඇතුළුව 1,000 කට අධික සේවක සංඛ්‍යාවක් සිටින සියැට් කැලණි සමාගම මගින් දැනටමත් සමාගමේ සේවක සහභාගීත්වය, රඳවා ගැනීම හා සමස්ත සේවා ස්ථානවල යහපැවැත්ම සම්බන්ධයෙන් නිරතුරුව ම ඉහල කාර්ය සාධනයක් අත් කර ගෙන ඇත.

විනිවිද පෙනෙන කාර්යසාධන කළමනාකරණ පද්ධති, කුසලතා සංවර්ධනය සඳහා වන මුලපිරීම්, අනුප්‍රාප්ති සැලසුම්කරණය, වෘත්තීය කළමනාකරණ වැඩසටහන් සහ එහි වෘත්තීය සමිතිය සමඟ ඇති යහපත් සම්බන්ධතාවය, සියැට් හි සේවක වටිනාකම් සඳහා අත්‍යවශ්‍ය බව සමාගම පවසයි.

“අපි සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටත් සෙත සැලසෙන පරිදි යම් වැඩසටහන් දියත් කරන්නේ රැකියාව හා පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය සහ සේවක සුබසාධනය සඳහා සමාගම ප්‍රමුඛත්වය දෙන බැවිනි. තවද අභ්‍යන්තර බඳවා ගැනීම්, රැකියාවලින් ඉහල තෘප්තියක් ලඟා කර ගැනීම, රැකියා මාරුවීම් සහ වෘත්තීය සැලසුම්කරණය අවධාරණය වන අයුරින් මානව සම්පත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර වෘත්තීය සුදුසුකම් අත්කර ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක රවී ඩඩ්ලානි මහතා පැවසීය. “අපගේ ශක්තිමත් ඇගයීම් හා දීමනා ප්‍රතිපත්තිය හරහා නව්‍යෝත්පාදනය තුළින් සමාගමට සුවිශේෂී වටිනාකමක් ලබාදෙන සේවක මහත්ම මහත්මීන් ද ඉහලින් ඇගයීමට ලක් කරනවා.”

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව