ලුමාලා සමාගම, 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටත්ව සම්මානයකින් පිදුම්ලබයි

Image1- Lumala receiving award (LBN)

සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට ලුමාලා සමාගම, පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත්විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙ පෙබරවාරි 21 වැනිදා ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර නායකයෝ රැසක්ම එක්ව සිටියහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූවාය.
 



 

″පාපැදි සහ විද්‍යුත් පාපැදි කර්මාන්තයේ නවෝත්පාදන වැඩිදියුණුකිරීම් වෙනුවෙන් අප කණ්ඩායමේ කැපවීම සහ උනන්දුව වගේම පාරිභෝගිකයින් අප කෙරෙහි තැබූ විශ්වාසයත් මෙම සම්මානය හරහා පිළිබිඹු වෙනවා. විවිධ අභියෝග මධ්‍යයේ වුව ද ගෝලීය මට්ටමේ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අප ලබාදෙන දායකත්වය, අපට විශාල අභිමානයක්″, යනුවෙන් සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආසිම් මිෆ්ලාල් මහතා පැවසුවේය.

″මෙම සම්මානය ලැබීම තුළින් අපට ඉදිරියටත් අපගේ විශිෂ්ටත්වය සහ තිරසරභාවය තවත් පුළුල් කරගැනීමට විශාල ශක්තියක් හිමිවෙනවා″, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලුමාලා යනු කිසිදු වයස් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය සන්නාමයකි. මීට වසර 35කට පෙර පාපැදි ආනයනය කරමින් ආරම්භ කරන ලද ලුමාලා සමාගම පසුකාලීනව මෙරට ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදකයෙකු බවට පත්විය. වර්තමානයේදී පුළුල් පරාසයක පාපැදි පෙළක් නිෂ්පාදනය කරන ලුමාලා සමාගම, ලින්කන් (Lycan) සන්නාමය යටතේ විද්‍යුත් පාපැදි නිෂ්පාදනය ද සිදුකරයි.

ලුමාලාහි මුළු සේවක සංඛ්‍යාව 1,500ක් පමණ වන අතර දිනකට පාපැදි 2,000ක් නිෂ්පාදනය කළ හැකි කර්මාන්තශාලාවක් ද සමාගම සතු ය. සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මකබවෙන් ඉහළ පාපැදි නිෂ්පාදන, දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළට ද ඉදිරිපත් කිරීමට සමාගම කටයුතු කරයි. 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේදී ද තම වැඩිදියුණු කළ පාපැදි සහ විද්‍යුත් පාපැදි වෙළෙඳපොළට හඳුන්වාදීමට සමාගම පියවර ගත්තේය.  තව ද ලොව පාපැදි සහ විද්‍යුත් පාපැදි සඳහා වූ ප්‍රමුඛතම කර්මාන්ත ප්‍රදර්ශනය වන ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පැවැති Eurobike 2024 ප්‍රදර්ශනයට ද ලුමාලා සමාගම සහභාගී වීම කැපීපෙනුණි.

මේ අතර, පාරිසරික තිරසරභාවය වෙනුවෙන් සමාගම සතු කැපවීම ද ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. වර්ෂ 2030 වනවිට මෙරට වනාන්නර ගහනය 32% දක්වා වර්ධනය කිරීමේ සහ, හරිතාගාර වායු විමෝචනය  14.5% දක්වා අවම කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සඳහා සක්‍රීයව දායක වීමට ද ලුමාලා සමාගම කැපවී සිටියි.

සෑම විටම නවීන තාක්ෂණය සහ තිරසරභාවය මුසුකරගත් නිෂ්පාදන හඳුන්වාදුන් ලුමාලා සමාගමේ එක් සුවිශේෂී නවෝත්පාදනයක් ලෙස Eco-Hauler e-bike cart නිෂ්පාදනය හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණ ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයකට ලක්කිරීමට එම නිෂ්පාදනයට හැකිවී තිබේ. එදිනෙදා ජීවිතයේ ගැටලු කළමනාකරණය කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ තිරසරභාවය කැටිකරගත් විසඳුම් හඳුන්වාදීමට ලුමාලා සමාගම සතු හැකියාව ඉන් පෙන්නුම් කෙරේ.

ලුමාලා සමාගමේ සහෝදර සමාගමක්වන Flare, ඩිජිටල් අලෙවිකරණය සහ ක්‍රමෝපායික සන්නිවේදන කටයුතු හරහා ලුමාලා සන්නාමය ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබාදෙන ලුමාලා සමාගම ඉදිරියටත් මහා පරිමාණ කර්මාන්ත අංශයේ නව මානයන් සොයායෑමට සැලසුම් කරතිබේ. එහිදී පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් පුළුල් ආයෝජනයක් සිදුකරමින්, නවීන තාක්ෂණය වැළඳගනිමින් සහ තම සේවකයින්ගේ කුසලතා වැඩිදියුණු රමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයටත්, කාර්මික පරිවර්තනයටත් සහායවීමට ලුමාලා කැපවී සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව