ලිට්‍රෝ සමාගමෙන් රජයට රුපියල් බිලියන 3 ක් – 2023/24 වර්ෂය තුළ ආයතනයේ වර්ධනය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

Litro Chairman, Muditha Peiris

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම LP ගෑස් සපයන්නා වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඞ් විසින් එහි ප‍්‍රමුඛතම කොටස් හිමිකරු වන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ශ‍්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට රු. බිලියන 3ක් (මිලියන 3,000*) ලාභාංශ වශයෙන් ලබා දී තිබේ. මෙම ලාභාංශ 2023 ඔක්තෝම්බර් මාසයේදී රුපියල් බිලියන 1.5 ක් සහ 2024 ජනවාරි 26 දින තවත් රු. බිලියන 1.5 ක් ලෙස රජයට ගෙවා ඇත. මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය දැක ගත හැකි වන්නේ වසංගතයකින් පසුව සහ ආර්ථික පසුබෑමකින් පසුව ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සක‍්‍රීයව උත්සාහ කරන තීරණාත්මක අවස්ථාවකය.

 



 

තවද, ලිට්‍රෝ සමාගම ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා සිය කැපවීම පෙන්නුම් කර ඇත්තේ රු. බිලියන 2.6 ක් රජයට බදු ගෙවමින් සහ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයෙන් එකක් ලෙස එහි ස්ථාවරත්වය තහවුරු කර ගනිමිනි. තම සැපයුම් දාමයට බලපෑ විදේශ සංචිත හිඟය ඇතුළු අභියෝගවලට මුහුණ දී තිබියදීත්, ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතාගේ නායකත්වය යටතේ එම ගැටලූ කඩිනමින් විසඳා ගැනීමට ඔවුන්ට හැකිවිය.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සිය සතුට ප‍්‍රකාශ කළේ, ”අභියෝග සහ දුෂ්කරතාවලින් යුත් කාල සමයක් වුවද 2023/24 මූල්‍ය වර්ෂය ලිට්‍රෝ සමාගමට ලාභදායී බව ඔප්පු කර ඇති බව ප‍්‍රකාශ කරන්නේ ඉතා සතුටින්. ඉදිරි මූල්‍ය වර්ෂයේදී අපගේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට LP ගෑස් ලබා දෙන අතරම ග‍්‍රාමීය ජනතාව වෙත අපගේ නිෂ්පාදන භාවිතය වැඩි කිරීමට කටයුතු කරමු” යනුවෙනුයි. ආරක්ෂිත සහ සෞඛ්‍යයට හිතකර විකල්පයක් ලෙස LP ගෑස් වෙත මාරු වීමේ වැදගත්කම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරක්ෂිත අධ්‍යාපනික වැඩසටහන් ඇතුළුව විවිධ අංශ කෙරෙහි සමාගමේ අවධානය යොමු වීම පිළිබඳවද ඔහු අවධාරණය කළේය.

ලිට්‍රෝ හි වර්ධනයට සහ නැවත නැගී සිටීමට හේතු වන්නේ වියවුල් සහිත කාලපරිච්ෙඡ්දයක දී සමාගම භාරගත් සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ කළමනාකාරිත්ව සහ උපාය මාර්ගික උත්සාහයන් ය. ඔහුගේ නායකත්වය යටතේ සමාගම විශිෂ්ට පෙරළියක් සිදු කරමින් දේශීය හා ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වී ඇත.

කර්මාන්ත සහ නිවාස සඳහා ස්ථීර සහ අඛණ්ඩ LPG සැපයුමක් සහතික කිරීම මඟින් පාරිභෝගිකයන්ට පහසුව සැලසීම මෙන්ම ජීවනෝපායන් සුරක්ෂිත කිරීම නිසා මෙම ඇගයීම ඔවුන්ට හිමිවිය.

දේශීය LP ගෑස් වෙළෙඳපොලේ විශාලතම සැපයුම්කරු ලෙස ලිට්‍රෝ විසින් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත්, වඩාත් තරඟකාරී සහ ලාභදායී සැපයුම්කරුවන්ගෙන් ගෑස් මිලදී ගැනීම මඟින් ගෑස් හිඟයන් කඩිනමින් තුරන් කිරීමට සමත් විය. ගෑස් සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී අඛණ්ඩව සැපයුම් අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ගේ ඇති හැකියාව සහ තරඟකාරී මිලකට ගෑස් දිගටම සැපයීමට ඔවුන්ට ඇති හැකියාව යන අවශ්‍යතා දෙකම ප‍්‍රමුඛ කාරණා ලෙස සැලකෙන අතර, එමඟින් පාරිභෝගිකයන්ට තරඟකාරී මිලකට හිඟයකින් තොරව ගෑස් සැපයුමක් ලබා දීම සහතික කෙරේ. ලිට්‍රෝ විසින් ගෝලීය වෙළෙඳපොළ මිළ වෙනස්වීම්වලට අනුකූල වන ලෙස මිල සූත‍්‍රයක් අනුගමනය කිරීම මඟින් මිල වෙනස් වීමේ ප‍්‍රතිලාභ සිය නිෂ්පාදනවල මිලෙන් පිළිබිඹු වන බව සහතික කළේය. මෙම පුරෝගාමී උත්සාහයන් නිසා මෙම ක්ෂේත‍්‍රය මෙන්ම LP ගෑස් භාවිතා කරන නිවාස සහ ව්‍යාපාර ආයතන සවිබල ගන්වා ඇත.

විශේෂයෙන්ම, පසුගිය වසර කිහිපය තුළ ලිට්‍රෝ සමාගම සමාජ සුබසාධනයට ප‍්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය ව්‍යවසායන් ලාභදායි ලෙස පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ සාර්ථකත්වයේ පිළිබිඹුවක් ලෙස මතු වී ඇත. රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලාභ ලැබීමට සහ පාඩු අවම කිරීමට එකම විසඳුම පෞද්ගලිකරණයයි යන මිථ්‍යාව දුරු කරමින් රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ කෙසේද යන්න පිළිබඳව පරමාදර්ශයක් ලෙස ලිට්‍රෝ ක‍්‍රියා කරයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම මහා භාණ්ඩාගාරයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් රටේ ආර්ථික ප‍්‍රතිසාධනය සහ ස්ථාවරත්වය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව