ලාංකීය විද්‍යුත් වානිජකරණයේ ප්‍රමුඛතම සන්නාමය xCommerz™ මෙවරත් සම්මානයෙන් පිදුම් ලබයි

XITEB (LBN)

ප්‍රමුඛ පෙළේ ලාංකීය මෘදුකාංග නිමැවුම් ආයතනයක් වන Xiteb (Pvt) Ltd හඳුන්වා දුන් නවතම xCommerz™  විද්‍යුත් වාණිජ මෘදුකාංගය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී මෙවරද සම්මානයට පාත්‍ර විය.

මෙම ජයග්‍රහණය තුළින් xCommerz™ මෘදුකාංගය නව ඩිජිටල් යුගය තුළ ව්‍යාපාර සවිබල ගැන්වීමට ගන්නා වූ මහා ප්‍රයත්නය මනාව විදහා පායි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන පදනම විසින් xCommerz™ මෘදුකාංගය ආසියානු පැසිෆික් (Asia Pacific ICT Alliance – APICTA) තොරතුරු හා  සන්නිවේදන සන්ධාන සම්මාන උළෙල තුළ තරග වැදීමට නිර්දේශ කිරීම xCommerz™ මෘදුකාංගයට ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු කළ හැකි බලපෑම හා ගෝලීය වෙළෙදපොළ තුළ එය හිමි කර ගත් වැදගත් සන්ධිස්ථානය මනාව පෙන්වා දෙයි.
 



 
පරිශීලකයන්ට xCommerz™ මෘදුකාංගය දැනට පවතින ඕනෑම ආකාරයේ පරිගණක පද්ධතියක් හරහා පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව ඇති අතර ව්‍යාපාර මෙහෙයුම් අඩාල නොවන පරිදි අන්තර්ජාලය තුළ ඕනෑම ආකාරයේ  පරිශීලකයන් ප්‍රමාණයක් කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතියි. xCommerz™ මෘදුකාංගය නිම කිරීමට යොදා ගත් සූක්ෂම සැළැස්ම හා තහවුරු කරන ලද තත්ත්ව පරීක්ෂා එම මෘදුකාංගයෙහි උපරිම කාර්යක්ෂමතාව මනාව විදහා දක්වයි.

ලද සම්මානය පසුපස ඇති ප්‍රධාන සාධකයක් වන්නේ xCommerz™ හි ශක්තිමත් ජංගම වාණිජ විසඳුමයි (mCommerce – mobile eCommerce). එය වත්මන් වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ඇති, ජංගම දුරකථන හරහා මාර්ගගත භාණ්ඩ හා සේවා විකුණුම් සහ මිල දී ගැනීම් සැපිරීමට මනා පිටිවහලක් වේ.

නවතම වෙළෙඳපොළ සමීක්ෂණවලට අනුව වසරක් තුළදී  ගෝලීය මාර්ගගත මිල දී ගැනීම්වලින් 65%කට අධික ප්‍රමාණයක් ජංගම උපාංග හරහා මාර්ගගතව සිදු කරනු ලබන අතර ව්‍යාපාර සඳහා කැප වූ ජංගම යෙදවුමක අත්‍යවශ්‍යතාව එමගින් මනාව පෙන්වා දෙයි.

Xiteb® හි ජංගම වාණිජ විසඳුම (mCommerce) ජංගම ප්‍රතිචාරශීලී වෙබ් අඩවිවල (mobile responsive websites) සීමා ඉක්මවමින් පරිශීලක හිතකාමී (user-friendly) අත්දැකීමක් සපයයි.

එසේම මිල දී ගැනීම් පිළිබඳ තත්කාලීන දත්ත ගැනීමේ හැකියාව වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා  උපයෝගී වෙන push notifications වැනි විශේෂාංග රැසක් තිබීම හේතුවෙන් පාරිභෝගික නියැළීම් සහ විකුණුම් ඉහල නංවමින් අලෙවිකරුවන් සවිබල ගන්වයි.

විකුණුම්කරුවන් සීමා කිරීම් රහිත වීම (Vendor-locking free), රිසි ලෙස අසීමිතව වෙනස්කම් සිදු කිරීමට හැකිවීම (Unlimited customization) සහ අතිරේක ගනුදෙනු ගාස්තු රහිත වීම (Free from transaction rates) වැනි අද්විතීය ප්‍රතිලාභ සැපයීමෙන් xCommerz™  සිය ගෝලීය තරගකරුවන් සමඟ තරග කරයි. එමෙන්ම එහි පද්ධතියකින් පද්ධතියකට සරල දත්ත සංක්‍රමණ ක්‍රියාවලිය සියලු ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වඩා වාසිදායක වේ.

SLT Zero One, The BizAwards – USA වැනි බහු ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලවල් තුළින් මින් පෙර ලද ඇගැයීම් Xiteb® හි විශිෂ්ටත්වය මනාව විදහා දක්වයි. Xiteb® හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ධනේෂ් ආර්. ජයතිලක මහතා Xiteb® ආයතනය වෙත ලාංකීය තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය විසින් අඛණ්ඩව සපයනු ලබන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව මෙසේ පළ කළේය. “නැවත වරක් මෙම සම්මානය ලැබීම අපට ගෞරවයක්. එය අපගේ කණ්ඩායමේ කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.” xCommerz™ ව්‍යාපාර සවිබල ගැන්වීමට කැප වී සිටින අතර ව්‍යාපාර සදහා ඩිජිටල් පරිවර්තනයකට මග පෙන්වයි. xCommerz™ නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැප වී සිටින අතර එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව