රුධිර විකෘතිතා හඳුනාගැනීමේ ක්‍රමවේදයේ නව යුගයක්. ලොව වේගවත්ම රුධිර විශ්ලේෂණ ඒකකයක් ආසිරි රසායනාගාරය විසින් ශ්‍රී ලංකාවේ එළිදක්වයි

Image 01 (LBN)

ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහිතව, අසමසම වේගයකින් රුධිර විකෘතිතා පිළිබඳ රෝග විනිශ්චය කළ හැකි අති නවීන Mindray BC-6800Plus උපකරණයක් සහිත ලොව වේගවත්ම රක්තවේද විශ්ලේෂණ ඒකකයක් ආසිරි රෝහල විසින් ඔවුන්ගේ විශාලතම රසායනාගාරය වන කොළඹ 05, ආසිරි මෙඩිකල් රසායනාගාරයට අනුබද්ධව පිහිටුවා ඇත.

මෙම නවීනතම අධි තාක්ෂණික විශ්ලේෂණ උපකරණය හඳුන්වා දීම, මෙරට රක්තවේද පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙර නොවූ නිරවද්‍යතාවක් සහ කාර්යක්ෂමතාවක් සහතික කරන්නට හේතුවක් වන අතරම, රට තුළ ඉතා ප්‍රශස්ත රෝග සත්කාරයක් සමඟ රෝග විනිශ්චයේ සහ සමස්ත සෞඛ්‍ය සේවා අංශයේම සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට සමත්ව ඇත.

අත්‍යවශ්‍ය සේවාවන් උදෙසා කැපවීම
 



 

වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ, වඩාත් සංකීර්ණ රුධිරය ආශ්‍රිත ආබාධ හඳුනාගැනීම සඳහා රසායනාගාරවලට වේගවත් සහ නිවැරදි ප්‍රතිඵල අවශ්‍ය වේ. Mindray BC-6800Plus උපකරණය මඟින් අසමසම වේගයක් සහ නිරවද්‍යතාවයක් සමඟින් මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අවස්ථාව සැලසී ඇත. ලොව වේගවත්ම ස්වාධීන රක්තවේද විශ්ලේෂකය ලෙස, එක් වරකට සාම්පල 100ක් ඇතුළත් කළ හැකි ධාරිතාවක් සහිත මෙම උපකරණය මඟින් පැයකට සාම්පල 200ක් දක්වා සැකසීමේ හැකියාව ඇති අතර, ස්වයංක්‍රීය ESR පරීක්‍ෂණ පැයකට සාම්පල 120ක් සහ ශරීර තරල පරීක්‍ෂණ පැයකට 40ක් සිදු කිරීමේ හැකියාව ඇත. මෙම සුවිශේෂී හඳුන්වාදීම, ශ්‍රී ලංකාවේ රක්තවේද විශ්ලේෂණ ක්‌ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන්නක් ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක.

එමෙන්ම, නව්‍යකරණ විසඳුම් සමඟින් බිල්පත් සහ පරීක්ෂණ වාර්තා සඳහා QR කේතයන් හඳුන්වාදීම, කඩිනම් රෝග විනිශ්චය සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රෝගීන්ගේ සත්කාර සේවා වැඩිදියුණු කිරීමට ආසිරි රසායනාගාර ජාලය මඟින් පියවර ගෙන ඇත.

නව්‍යකරණයෙන් අසමසම විශේෂාංග සහ ප්‍රතිලාභ

Mindray BC-6800Plus උපකරණය පහසු ක්‍රියාකාරිත්වය සහ ඉහළම කාර්යක්‍ෂමතාව එක්තැන් කරමින් නිර්මාණය කළ සුවිශේෂී තාක්ෂණික මෙවලමකි. මෙමඟින් තත්පර 60ට අඩු කාලයකින් සාම්පල සැකසීමටත්, පරාමිතීන් (Parameters) 37ක් සැකසිය හැකි අයුරින් සහ සමස්ත රුධිරය පිළිබඳ පර්යේෂණාත්මක පරාමිතීන් (Parameters) 53ක් ලබා දීමටත්, ශරීර තරල පිළිබඳ අමතර පරාමිතීන් (Parameters) 7ක් ලබා දීමටත් හැකියාව ඇත. එපමණක් නොව, NRBC ගණනය කිරීම, Reticulocyte විශ්ලේෂණය සහ අමතර ප්‍රතික්‍රියාකාරක නොමැතිව ශරීර තරල පරික්ෂාව වැනි තවත් සුවිශේෂී හැකියාවන් රැසක් ද මෙම  විශ්ලේෂක උපකරණයේ සතුවේ. මෙහි ඇතුළත් SF Cube තාක්ෂණය නිසා සෛල ගණන් කිරීමේදී සහ වර්ගීකරණයේදී ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහතික කළ හැකිය. ප්‍රතිඵල 100,000ක් ගබඩා කළ හැකි ධාරිතාවක් සහ ස්වයංක්‍රීය තත්ත්ව පාලන වැඩසටහනක් මඟින් BC-6800Plus උපකරණය රෝග විනිශ්චය කිරීමේ නිරවද්‍යතාව, ඵලදායීතාව සහ රෝග සත්කාරය වැඩිදියුණු කරන අතරම ඉතා ඉහළ විශ්ලේෂණ නිරවද්‍යතාවක් ද සහතික කරයි.

“Mindray BC-6800Plus උපකරණය, ශ්‍රී ලංකාවේ රක්තවේද රෝග විනිශ්චය සඳහා නව යුගයක් උදා කළ බව සඳහන් කළ, ආසිරි හොස්පිට්ල් හෝල්ඩින්ග්ස් හි රසායනාගාර අධ්‍යක්ෂ නීල් ප්‍රියත් ජෝන් මහතා “එය අපගේ රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නංවන අතරම වඩාත් සවිස්තරාත්මක සහ වේගවත් ප්‍රතිඵල ලබා දීමටත් ඉවහල් වෙනවා. එහි ඇතුළත් සංකීර්ණ විශේෂාංග මඟින් විවිධ තත්ත්වයන් සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පරිශීලනයට පහසු අතුරු-මුහුණතක් ද ඇති නිසා මෙහි ඇති කාර්යක්ෂමතාවත් ඉතාමත් ඉහළයි.”

“වසර 40කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වෛද්‍ය රෝග විනිශ්චය ජාලය ලෙස, ආසිරි රසායනාගාරය විසින් Mindray BC-6800Plus උපකරණය වෙනුවෙන් කළ ආයෝජනය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා වූ අපගේ කැපවීම පෙන්වන මනා නිදසුනක්. මෙම නවීනතම රක්තවේද විශ්ලේෂක උපකරණය මඟින් මෙරට පුද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ නව ප්‍රමිතියක් සකසනු  ඇති අතරම, එමඟින් වඩාත් දැනුවත් තීරණ ගැනීමට සහ රෝගීන්ගේ සත්කාර වැඩිදියුණු කිරීමට ද අවස්ථාව උදා වනු නොඅනුමානයි.”

රෝග සත්කාරයට සාධනීය බලපෑමක්

රක්තවේද විශ්ලේෂණ උපකරණය හඳුන්වා දීම මඟින් රෝග විනිශ්චයන් සඳහා ඉතා සාධනීය බලපෑමක් සිදු කළ හැකි වනු ඇති අතර සුපිරි වේගවත්, නිරවද්‍ය හා භාවිතය පහසුව සහිත මෙම උපකරණය මඟින් රක්තවේද පරීක්ෂණ නව මානයකට රැගෙන යනු ඇත. එපමණක් නොව, දිවයින පුරා ස්ථාන 120කට අධික ආසිරි රසායානාගාර ජාලය මඟින් මෙම තාක්ෂණයේ ප්‍රතිලාභ පුළුල් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාවට ලැබීමේ අවස්ථාව ද හිමිවනු ඇත.

රුධිර විකෘතිතා හඳුනාගැනීමේ දැවැන්ත පියවරක්

සංකීර්ණ රක්තවේද විශ්ලේෂණ උපකරණයත් සමඟ, රුධිර ආබාධ හඳුනාගැනීම පිළිබඳ තාක්ෂණික පෙරළියේ සැලකිය යුතු දියුණුවක් ඇති වී ඇත. මෙම උපකරණයේ ඇතුළත් නවීනතම විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය, ආසිරි රසායනාගාර සේවාවේ ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ආසිරි සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථානගත කරන්නට ද මෙම හඳුන්වා දීම ඉවහල් වී තිබේ.

“Biomedica Pvt Ltd, අපි චීනයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය උපාංග සමාගමක් වන Mindray සමාගමේ ජෛව සාම්පල් පරික්ෂා කිරීමේ නිෂ්පාදන සඳහා බලයලත් එකම නියෝජිත විදියට කටයුතු කරනු ලබනවා. වසර 35කට අධික කාලයක් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය දිනා ඇති සමාගමක් විදියට ආසිරි රසායනාගාරය ඔවුන්ගේ 40වන සංවත්සරය සමරන මේ මොහොතේ, ඔවුන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන්නට ලැබීම අපටත් ආඩම්බරයට කරුණක්. මේ සුවිශේෂී කඩඉම සලකුණු කිරීම වෙනුවෙන් අපි ආසිරි රසායනාගාරය වෙත ලෝකයේ ඇති වේගවත්ම ස්වාධීන රක්තවේද විශ්ලේෂකය වන Mindray BC6800 Plus උපකරණයක් ලබා දීමට කටයුතු කළ බව” Biomedica PVT අංශයේ දේශීය අලෙවි කළමනාකරු බාලමුරුගන් මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව