රාගම මෙල්ස්ටා රෝහල අති නවීන උදාරාශ්‍රිත රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරයි

2- Melsta Gastro

 




 

 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය තුළ උදරාශ්‍රිත රෝග සඳහාම වෙන් වූ අති නවීන ප්‍රතිකාර මධ්‍යස්ථානවල හිඟතාව සැළකිල්ලට ගනිමින්, ලොව උසස්ම තාක්ෂණය යොදාගනිමින් නවතම ආමාශාන්ත්‍රික රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට රාගම මෙල්ස්ටා රෝහල පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආමාශාන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ මනාව පුහුණුව ලත් හෙද සහ තාක්ෂණික කාර්යමණ්ඩලයක සේවාවත් සමඟ ආමාශාන්ත්‍රික රෝග පරීක්ෂාවන් බොහෝමයක් සිදුකරගැනීමේ අවස්ථාව උදා වී ඇත. රාගම මෙල්ස්ටා රෝහල යනු විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන මෙල්ස්ටාකොප් පීඑල්සී සමාගමට පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මෙල්ස්ටා හෙල්ත් යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ රෝහලකි.

නවතම උපකරණ හා තාක්ෂණය යොදාගෙන ඇති මෙම ආමාශාන්ත්‍රික රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය පාරිභෝගික පහසුව පිළිබඳව ද ඉහළ සැළකිල්ලක් යොමු කරයි. ඒ අනුව රෝහල වෙත පැමිණෙන රෝගීන්ට තෘප්තිමත් සේවාවක්, දැරිය හැකි මිලකට ලබාදීමට රෝහල් කාර්යමණ්ඩලය සැදීපැහැදී සිටියි. පාචනය, උදරයේ ගෑස් තත්ත්වය, උදර වේදනාව, මලපහ කිරීමේදී රුධිරය වහනය වීම වැනි රෝග ලක්ෂණ ඇති විශාල පුද්ගලයින් ප්‍රමාණයක් වර්තමානය වන විට දැකිය හැක. නමුත් එම රෝග ලක්ෂණ නිවැරදි ලෙස හඳුනාගැනීමට අපොහොසත් වීම නිසා ඒවා දරුණු රෝගාබාධ දක්වා වර්ධනය වන අවස්ථා බහුල ය.

මෙම පසුබිමත්, ආමාශාන්ත්‍රික රෝග විනිශ්චය සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවශ්‍යතාවත් සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර තිබේ. එමෙන්ම එවැනි රෝග ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණීමේ අවශ්‍යතාව අවම කරලීමත්, රාගම මෙල්ස්ටා රෝහල තුළ මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ තවත් අරමුණක් විය. එනිසා කොළඹ සහ ගම්පහ අවට ප්‍රදේශවල ජනතාවට සිය උදරාශ්‍රිත ප්‍රතිකාර අවශ්‍යතා වෙනුවෙන් රාගම මෙල්ස්ටා රෝහල තෝරාගැනීමේ හැකියාව තිබේ.

“මෙල්ස්ටා රෝහලේ අභිප්‍රාය වන්නේ, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සමඟ සමීපව කටයුතු කරමින්, සියලු දෙනාටම පරිපූර්ණ සෞඛ්‍ය සේවාවක් දැරිය හැකි මුදලකට ලබාදීමයි. එහිදී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, මුත්‍රා මාර්ගය ආශ්‍රිත සැත්කම් වගේම අලුතින් ආමාශාන්ත්‍රික රෝග ප්‍රතිකාර ඒකකයක් ද සමඟින් කෙටි කාලයක් තුළ විශාල ප්‍රගමනයක් අත්කරගැනීමට රාගම මෙල්ස්ටා රෝහලට හැකිවුණා. දැරිය හැකි මිල ගණන් වගේම උපරිම ගුණාත්මකභාවය සහතික කරමින් ඉදිරියේදී, හෘද රෝග ඒකකයක් සහ ස්නායු රෝග ඒකකයක් ද අන්තර්ජාතික ප්‍රතීතන යටතේ පිහිටුවීමට අපි අපේක්ෂා කරනවා“, යනුවෙන් මෙල්ස්ටා රෝහල් ජාලයේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරයිවන් මහතා ප්‍රකාශ කළේය.

රාගම මෙල්ස්ටා රෝහල මෑතකදී සිය මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ඒකකයට ද මුත්‍රා මාර්ගය ආශ්‍රිත සැත්කම් හා ලේසර් සැත්කම් මෙන්ම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ද හඳුන්වාදුනි.

2020 වසර මුලදී මෙල්ස්ටා හෙල්ත් (පුද්ගලික) සමාගම යටතට ගෙන නැවතත් සන්නාමකරණය කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් ක්‍රියාවට නැංවීමට රාගම මෙල්ස්ටා රෝහලට හැකිවී තිබේ. එනම් එහිදී පිරිනැමෙන MRI, CT හා විකිරණ සේවාවන් මෙරට ඉහළම ප්‍රමිතියේ සේවාවන් අතරට අයත් වේ. තව ද, බෝ නොවන රෝග ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී පියයුරු පිළිකා පිළිබඳ අවධානය යොමුකරමින් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද රෝහල සැලසුම් කර තිබේ.

රාගම මෙල්ස්ටා යනු ගුණාත්මකබවත්, අඛණ්ඩ වර්ධනයත් කේන්ද්‍ර කරගත් රෝහලකි. ISO 9001 :2015, ISO 22000:2018, ISO 14001:2015 සහ ISO 45001:2018 වැනි අන්තර්ජාතික ප්‍රමිතීන් රැසක් ද රෝහල සතු වේ. කාන්තාවන් සහ ළමුන් සඳහා විශේෂ ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කරන ජෝසප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල ද මෙල්ස්ටා හෙල්ත් ආයතනය යටතේ ක්‍රියාත්මක වන අතර, Melsta Labs සන්නාමය යටතේ වෛද්‍ය රසායනාගාර සේවාවන් ද, Melsta Pharmacy සන්නාමය යටතේ ඖෂධ සේවා පිරිනැමීමට ද මෙල්ස්ටා හෙල්ත් කැපවී සිටියි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව