යොනෙක්ස් ගෝන් ප්‍රී ඉන්දුනීසියා බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 41ක්

group photo (LBN)

යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ඉන්දුනීසියාවේ යොනෙක්ස් සන්රයිස් කනිෂ්ඨ ජාත්‍යන්තර ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලියට එක්වී සිටිති.  මෙම මස 8 වැනිදා සිට 13 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බින්ටාරොහි පෙම්බන්ගුනාන් ජයා රායා බැඩ්මින්ටන් පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 22 දෙනකු සහ ක්‍රීඩකයන් 19 දෙනකු ඇතුළත් වෙති. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ හා ආසියානු බැඩ්මින්ටන් හි අනුමැතිය යටතේ මෙම ශූරතාවලිය සංවිධාන කරනු ලබන්නේ ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංගමය විසිනි.
 



 

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතයෙන් ක්‍රීඩකයන් 8 දෙනකු තරගාවලියේ පිරිමි ඒකල තරග ඉසව්ව නියෝජනය කරන අතර, ක්‍රීඩිකාවෝ 11 දෙනකු කාන්තා ඒකල තරග ඉසව්වට එක්වී සිටිති. පිරිමි යුගල තරග  ඉසව්වට ක්‍රීඩකයන් 16 දෙනකුත්, කාන්තා යුගල තරග ඉසව්වට ක්‍රීඩිකාවෝ 17 දෙනකුත් සහභාගි වෙති. යොනෙක්ස් සන්රයිස් කනිෂ්ඨ ජාත්‍යන්තර ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 19න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩ ඇතුළත් වන අතර, කලාපයීය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවාගැනීම සඳහා මෙම ශුරතාවලිය අතිශය වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නිලධාරීන් 8 දෙනකු ද සංචාරයට එක්වී සිටින අතර, ඒ අතරින් හරිඳු උදයංග, මොහොමඩ් ෂිෆාඩ්, නිලූෂ පෙරේරා සහ සුසන්ත විජේන්ද්‍ර පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ශ්‍යාමලී රත්නායක කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙසත්, ක්‍රීඩිකාවන් බාර නිලධාරිනිය ලෙසත් කටයුතු කරන අතර, තරංගා ජයනෙත්ති සහ ෂශිකලා අමරසිංහ ක්‍රීඩිකාවන් බාර අතිරේක නිලධාරිනියන් ලෙස කටයුතු කරති. ඊට අමතරව ධම්මිකා පලඟසිංහ ද සහාය නිලධාරිනියක ලෙස කණ්ඩායමට එක්වී සිටී.

කාන්තා කණ්ඩායම – අමායා නවරත්න, ලෙහන්සා ජයසූරිය, දිහන්සා උමගලිය, විනුති රණසිංහ, රිසිනු අමුගොඩ, සනුදි නෙවින්‍යා, යෙනාරා වික්‍රමසිංහ, මතීෂා ද සිල්වා, නිශේලි සමරරත්න, මියැසි විතානගේ, යෙනුලි ලියනගේ, සහේලි කලුතරආරච්චි, අබිමානි පද්ම බණ්ඩාර, චතුමි කවිහාර, තෙනුකි ද සිල්වා, සනුකි තෙහන්සා, සනුති ගුරුසිංහ, නිතිනි ගුරුගේ, මනුලි මෙතාරා, වෙත්මි නෙහාරා, තනුකි කුලතුංග, තෙරුනි ගුණරත්න.

පිරිමි කණ්ඩායම – යසිරු ජයවර්ධන, හංසක රණසිංහ, රන්හිරු මදුරාවල, දිනේන්ද්‍ර රොඩ්‍රිගෝ, සිතික රෙසඳුල්, විහාස් යාපා, ඩිමල් විතාන, තිසල් වඩුගේ, දෙව්මින් පෙරේරා, සදේව මනිමේන්ද්‍ර, සනුත් පලඟසිංහ, නවීන් ගීකියනගේ, හරිඳු වේරදූවගේ, යසිත් ද සිල්වා, ලක්මිත පීරිස්, සනූජ බණ්ඩාර, සදෙව් කංකානම්ගේ, පමුදු රන්දිලිගම, සෙනුද රාජපක්ෂ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව