යුනිලිවර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 වෙළෙඳ සේවා G කාණ්ඩයේ ශූරතාවය දිනා ගනියි

Unilever Sri Lanka Cricket Team (LBN)

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ G කාණ්ඩයේ අපරාජිත ශුරයන් බවට පත්වීමට පසුගියදා සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී Amazon Trading and English Tea Shop කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගකාරී ලීග් සටනකින් හා තියුණු තරගයකින් පසු යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවරට ශුරතාව දිනාගැනීම සුවිශේෂි කරුණකි. විශේෂයෙන්ම කණ්ඩායම් හැඟිමෙන් ක්‍රියාකිරීම හා සුවිශේෂි දක්ෂතා මෙම ජයග්‍රහණය වෙනුවෙන් මූලික පදනම විය.

 




 

අනුෂ්ක බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවට පිත්තෙන් හා පන්දුවෙන් සුවිශේෂි දක්ෂතා රැසක් දැක්වීය. දැඩි තරගකාරී ස්වරූපයක් පැවැති ලීග් වටයේදී යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් Zillione Technologies , Synergen Helath , Water’s Edge හා HNB Assurance කණ්ඩායම් පරාජයට පත්කරන ලද අතර, Wiley Global හා Kelani Cables කණ්ඩායම් සමඟ පැවැති තරග ජය පරාජයකින් තොරව අවසන් විය.  එසේම පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී Singer Sri Lanka, Star Garments හා South Asian Technologies යන කණ්ඩායම් පරාජය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අවසන් මහා තරගයේදී සුවිශේෂි දක්ෂතා දක්වමින් සචිර විජේසිංහ (ලකුණු 51) රැස්කළ අතර  හරිෂාන්ත් රාජේන්ද්‍රන් (පන්දු 29කදී ලකුණු 75) ලබාගනිමින් තරගයේ ජයග්‍රාහී සබඳතාව ගොඩනැගීමට සමත්විය. ඔවුන් දෙදෙනාගේ අනර්ඝ අර්ධ ශතක රැස්කිරීම තරගයේ හැරවුම් ලක්ෂ්‍ය විය. සමස්ත තරගාවලිය පුරාවට පිත්තෙන් සිය දක්ෂතා දැක්වූ දුලාන් අබේනායක මුළු ලකුණු 202 ලබාගනිමින් පිතිකරණ ලැයිස්තුවේ පෙරමුණ ගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසිත නිර්මාල් කඩුලු 15ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්විය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අලී තාරික් මහතා සිය කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ජයග්‍රහණය යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට සුවිශේෂි සන්ධිස්ථානයක්. අපේ ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය පුරාවට සුවිශේෂි දක්ෂතා රැසක් මෙන්ම මනා ක්‍රීඩා කෞශල්‍යයක් හා සහයෝගීතාවයක් ප්‍රදර්ශනය කිරීමට සමත්වීම අගය කළ යුතු කරුණක්. ඔවුන්ගේ නොසැලෙන කැපවීම හා දක්ෂතාවය නිසා ලබාගත් මේ ජයග්‍රහණය ගැන අපි ආඩම්බරයට පත්වෙමු.”

හරීෂාන්ත් රාජේන්ද්‍ර තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර,  කණ්ඩායමේ සාර්ථකත්වයට ඔහුගේ දක්ෂතාවය බෙහෙවින් ඉවහල් විය.

මෙම ජයග්‍රහණය යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ජයග්‍රහණ හා අභියෝගවලින් පිරුණු වසර 50 වඩා ගමනේ සුවිශේෂි අවස්ථාවකි. මෙමඟින් කණ්ඩායමේ ඔරොත්තු දීමේ හැකියාව, කැපවීම හා ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව පිළිබඳව මැනවින් පසක් වේ.

යුනිලීවර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

අනුෂ්ක බණ්ඩාර (නායක), හරිෂාන්ත් රාජේන්ද්‍ර (උප නායක), ගයාන් රූපසිංහ, ක්‍රිෂෝන් මිගාර, අසංක සිල්වා, වෙනුක ගල්හිටියාව, දුලාන් අබේනායක, හේෂාන් හෙට්ටිආරච්චි, දසිත බන්දුලවංශ, සචිර විජේසිංහ, බුද්ධික හේරත්, ඉෂාන් දිසානායක , චමින්ද ජයසූරිය, යුගීෂ බිම්සර,  බී. මොහොමඩ් ෂාහිඩ්, කේසර බණ්ඩාර සහ රුස්නි රම්සීන්.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව