ආයතනයේ සාර්ථකත්වයේ ප්‍රධානතම ස්ථම්භයක් ලෙස හඳුන්වා දියහැකි පාරිභෝගිකයන් කේන්ද්‍ර කොටගනිමින් ”ඔබයි අපේ වීරයා” සංකල්පය පෙරදැරිව මොබිටෙල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. වසර පුරා සිය පාරිභෝගික අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකරමින් ඔවුන් ඇඟයීමට කැපවන මොබිටෙල් ආයතනය ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය මූලික කරගනිමින් ස්මාර්ට් ෆෝන් පසුගෙවුම් පැකේජ, පෙරගෙවුම් පැකේජ, mCash රෝමින් සහ තවත් බොහෝ අසමසම වරප්‍රසාද ඔවුන්ට ලබාදීම සිදුකළේය.
මොබිටෙල් ආයතනයේ පාරිභෝගික ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීන් ෆර්නැන්ඩර්ස් මෙම ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය පිළිබඳ සිය අදහස් දැක්වීය. ”පාරිභෝගිකයන් කේන්ද්‍රකරගත් ආයතනයක් විදිහට අපි ඔබ සමඟයි සැමදා උදාන පාඨය සැබෑවක් කරන්නට සැමදාම කැපවෙනවා. පාරිභෝගිකයන්ට හොඳම සේවාවක් සහ ඔවුන්ගේ අපේක්ෂා ඉටුකිරීමට වෙහෙසෙන එක අපේ හදවතේම තිබෙන දෙයක්. අපේ දෛනික වැඩකටයුතු වලදී මේ දර්ශනය ජීවිත වලට සුවපහසුව සහ නම්‍යශීලී භාවය රැගෙන එන්න පුළුවන් වුණා. ඒ වගේම, ඔවුන්ගේ ගෞරවය සහ විශ්වාසවන්තකම අපිත් එක්කම තිබුණු නිසා ලංකාවේ හැමෝම ආදරය කරන සන්නිවේදන සන්නාමය බවට අපිට පත්වෙන්න පුළුවන් වුණා. අපේ ඕනෑම බැරෑරුම් හෝ සුවපහසු අවස්ථාවන් වලදී අපත් සමඟ එකට සිටි සෑම පාරිභෝගිකයකුටම ස්තූති කරන්නට මෙම ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය මම අවස්ථාවක් කොට ගන්නවා.
2017 වසරේදී LMD සහ Kantar TNS ඒකාබද්ධ වී ප්‍රසිද්ධ කළ වර්ගීකරණයට අනුව විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදෙන ශ්‍රී ලංකාවේ හොඳම සන්නිවේදන ජාලය මොබිටෙල් බව ප්‍රසිද්ධ කළා. මෙම වාර්තාව ලබාදීමේදී ක්ෂේත්‍ර 18ක යටතේ විවිධ ආයතන රාශියක් ඇඟයීමට ලක්කළ අතර, මොබිටෙල් ආයතනය සන්නිවේදන ක්ෂේත්රයේ අනෙකුත් ආයතන අභිබවා පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් සැපයීමට කැපවන ප්‍රමුඛයා ලෙස තේරී පත්වුණා.
මේ වසර මුල්භාගයේදී මොබිටෙල් ආයතනය විසින් සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන් වෙනුවෙන් Mobitel Rewards’ නමින් වැඩසටහනක් හඳුන්වාදුන් අතර මෙමඟින් සිය පාරිභෝගිකයන්ට reward දීමනා ලබාදීම සිදුවේ. මෙම වැඩසටහනේදී මොබිටෙල් ආයතනය සමඟ පාරිභෝගිකයා සහසම්බන්ධ වන ප්‍රමාණය ඇගයීමට ලක්කරන අතර, වැඩිවැඩියෙන් මොබිටෙල් ආයතනය සමඟ සහසම්බන්ධ වන පාරිභෝගිිකයන්ට විවිධ වරප්‍රසාද, විශේෂ දීමනා සහ වටිනා වත්කම් ප්රදානය කරනු ලැබේ.
Mobitel Rewards හරහා පාරිභෝගිකයන්ට සිය බිල් ගෙවීමට නවතම ස්මාර්ට් ෆෝන් මිලදී ගැනීමට, IoT devices දුරකථන උපාංග මිලදී ගැනීමට සහ පෙරගෙවුම් පැකේජ රීලෝඞ් කරගැනීමට තමන් සතුව ඇති rewards points භාවිතා කිරීමේ හැකියාව ලැබේ. මෙය සන්නිවේදන ජාලයෙහි භාවිතාව සහ මොබිටෙල් ජාලයට ඇති ලෙංගතුකම මත ඇගයීම් ලකුණු විවිධ වන අතර, ලබාගන්නා ලකුණු මට්ටම් වලට අනුව නිල්, රිදී, රන් සහ ප්ලැටිනම් ලෙස තල හතරක වර්ගීකරණයක් සිදුකරයි.