මොණරාගල රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් වෙතින් සහය

CEAT Cares - Monaragala (LBN)

මෙරට නිපදවන ස්වභාවික රබර් විශාල වශයෙන් භාවිතා කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි සමාජ වගකීම් වැඩසටහනක නවතම ප්‍රතිලාභීන් වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වැවිලිකරුවන්ගේ පාසල් යන දරුවන් ය.

මොණරාගල, නක්කල, විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන් 120 දෙනෙකුට, ඔවුන්ට අවශ්‍ය පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් සමාගම විසින් පිරිනැමීමෙන් සමාගමේ වැදගත්ම පාර්ශවකරුවන් කණ්ඩායමකට සමාගමේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලදී.

 



 

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක් නිෂ්පාදනය කරන සියැට්-කැලණි සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100% ක්ම ලබා ගන්නේ, පවුල් 10, 000ක් පමණ යැපෙන දේශීය රබර් නිෂ්පාදකයන්ගෙනි.

මෙම වසර ආරම්භයේ දී මතුගම කලාපයේ පාසල් දෙකක, කුරුවිට ප්‍රදේශයේ පාසල් තුනක සහ ඇල්පිටිය ප්‍රදේශයේ පාසලක මෙලෙසම අවශ්‍ය උපකරණ බෙදාහැරීම සමාගම විසින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “රබර් වගා කරන්නන් අපගේ සැපයුම් දාමයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඔවුන්ගේ යහපැවැත්ම අපගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ දරුවන් පාසැල් යැවීමට උපකාර කිරීම ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරනවා පමණක් නොව, පුළුල් සමාජ වගකීමක් ද ඉටු කරයි”

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ ආවරණය කරයි. සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි.

සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව