![1- SS Pasikudah Destination Dining (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/1-SS-Pasikudah-Destination-Dining-LBN.jpg)
එළඹෙන ආදරවන්තයින්ගේ දිනයේදී තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ සුන්දර නිවාඩුවක් ගතකිරීමට සැලසුම කරන ඔබ වෙනුවෙන්ම විශේෂ වට්ටම් රැසක් සමඟින් නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳ ගැනීමේ අවස්ථාව Sun Siyam Pasikudah හෝටලය පිරිනමයි. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය, රෝමාන්තිකබව මෙන්ම සුඛෝපභෝගීත්වය පිරුණු අමතක නොවන අත්දැකීමක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමීප කිරීමට පියවර ගෙන තිබේ.
අලංකාර ලෙස නිර්මාණය කළ beach සහ garden pavilion 34කින් Sun Siyam Pasikudah හෝටලය සමන්විත අතර ආදරවන්තයින්ගේ දිනයේදී අර්ධ ගෙවීමක් යටතේ room upgrades ලබාගැනීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම නැගෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුවෙන් යුතු මෙහි champagne dinners සඳහා 20%ක වට්ටමක් ද පිරිනැමීමට හෝටලය කටයුතු යොදා තිබේ. ඊට අමතරව ආදරවන්ත යුගලයන්ගේ ආහාර සඳහා ද ශරීර සම්බාහන පහසුකම් සඳහා ද 15%ක වට්ටමක් හිමිවේ.
දැකුම්කළු මුහුදු තීරයේ දර්ශනය රැගත් පැවිලියන් නේවාසික ඒකකවලින් යුත් මෙම හෝටලය සුවපහසුව සපයන අතරම සංචාරකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ගැනද ඉහළ අවධානයක් යොමුකර තිබීම විශේෂත්වයකි. පරිසර හිතකාමීත්වයට ද මුල්තැනක් ලබාදෙන Sun Siyam Pasikudah යනු රෝමාන්තිකබවින් පිරුණු හෝටලයකි. නිකසල වෙරළතීරයක නිදහසේ සක්මන් කිරීමේ සිට තමන්ටම වෙන්වුණු පෞද්ගලික බැල්කනියක සිට හිරු බැසයන දසුන නැරඹීම දක්වා රෝමාන්තික අත්දැකීම් රැසක් මෙහිදී අත්විඳිය හැක.
ත්‍රාසජනක අත්දැකීම්වලට කැමැති අය වෙනුවෙන් පාසිකුඩා ආශ්‍රිත ජල ක්‍රීඩාවල නිරත වීමේ අවස්ථාව ද තිබේ. ජෙට් ස්කීන් මෙන්ම කොරල්පර අතර ස්නෝක්ලින් කිරීම ද ඊට අයත් ය. ඒ සියල්ල අතරේ හෝටලය මගින් පිරිනමන ශරීර සම්බාහන අත්දැකීම ද විවේකී නිවාඩුවට අමතර සුඛෝපභෝගීත්වයක් එක්කරයි.
මේ අතර ශ්‍රී ලංකාවට ආවේණික ආහාරපාන මෙන්ම යටත්විජිත යුගයට අයත් ආහාරපාන රටා රසවිඳීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ. Tea House හිදී විවිධ තේ වර්ග රසබැලීමේ අවස්ථාව උදාවන අතර, Slice & Grill හිදී පිහිනුම් තටාකය අසල ආහාරපාන අත්දැකීම ද, Beach Shack හිදී කැරිබියානු ක්‍රමයට විශේෂයෙන්ම නිවර්තන කලාපීය බීම වර්ග රසවිඳීමේ අත්දැකීම ද ලබාගත හැක.
තරු පිරුණු රාත්‍රී අහස යට රාත්‍රී භෝජනයක් ලබාගැනීම ඇතුළු අමතක නොවන රෝමාන්තික නිවාඩුවත් ගතකිරීමට කැමැති ඔබත් මේ සුවිශේෂ වට්ටම්වල වාසිය අත්කරගන්න. වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් www.sunsiyam.com/sun-siyam-pasikudah වෙබ් අඩවිය හරහා හෝ 065 2055 555/ 0702424263 දුරකථන අංක හරහා සිදුකළ හැක.