ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් පසුගියදා එහි සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 නව වසර සඳහා අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී. ආයතනයේ දියුණුව සඳහා කැපවීමෙන් සේවය කරන සේවක සේවිකාවන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීමට මෙල්වා සමාගම සතු කැපවීම ඒ තුළින් යළිත් තහවුරු විය. සෑම වසරක් අවසානයේම දියත් කරන මෙම ව්‍යාපෘතිය තුළින් පාසල් සිසුන් විශාල පිරිසකට ප්රතිලාභ ලැබේ.
සිය ආයතනික සමාජ වගකීම මනාව අවබෝධ කර ගනිමින් විවිධ ව්‍යාපෘති දියත් කරන මෙල්වා සමාගම එහි සේවක සේවිකාවන්ගේ පමණක් නොව රට පුරා ජීවත් වන විවිධ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරයි. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ. පසුගිය වසර දහයක කාලය තුළ එම වැඩසටහනෙන් ප්රතිලාභ ලබා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුන් සංඛ්‍යාව 3,000කට අධික වේ. ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් පූර්ණ මූල්‍ය අනුග්‍රහය සපයයි. වර්තමානයේදී 300ක පමණ පිරිසක් මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලබති. මූල්‍ය ගැටලු ශිෂ්‍යත්වලාභීන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන බවට තහවුරු කරන මෙල්වා සමාගම ඔවුන්ගේ අනෙකුත් අධ්‍යාපන අවශ්‍යතා සඳහා අවශ්‍ය සහයෝගයද සපයයි. මෙල්වා සමාගම අනුග්‍රහය දක්වන අනෙකුත් ව්‍යාපෘති අතර පරිසර සංරක්ෂණය සහ නගර අලංකරණය ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව, එම සමාගම ඉදි කිරීම් ශිල්පීන්ට පිළිගත් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍ය සහාය දෙයි. රට පුරා ජීවත් වන ප්‍රජාව බල ගන්වමින් ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට සහාය වීමට එම සමාගම සතු කැපවීම මේ සියලු ව්‍යාපෘති තුළින් පිළිබිඹු වේ.