මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.