ශ්‍රී ලංකා ක්‍රිකට්හි 2022 තරග කාල සටහනට අදාළව විදෙස් ක්‍රිකට් කණ්ඩායම්වල නිල අනුග්‍රාහකත්වය දැරීමට ඉදිරිපත්ව සිටින, විවිධත්වය රැගත් ශ්‍රී ලංකාවේ එකම ඇඟලුම් සන්නාමය වන Moose Clothing සමාගම, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට ද සිය අනුග්‍රාහකත්වය පිරි නමා ඇත.
″ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විදෙස් කණ්ඩායම් අනුග්‍රාහක ලෙස ඉදිරිපත්වීමට ලැබීම අපට විශාල සතුටක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය බොහෝ දෙනෙක් අවධානයෙන් යුතුව බලා සිටින තරගාවලියක්. එවන් පසුබිමක, මෙම සහයෝගීතාව Moose Clothing සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන සන්නාම දෙකටම බෙහෙවින් ඵලදායී වනු ඇති බව අපට විශ්වාසයි″, යනුවෙන් Moose Clothing ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් මහතා ප්‍රකාශ කළේය.
″ක්‍රිකට් යනු විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා රසිකයින් අතර විශාල උද්යෝගයක් නිර්මාණය කළ ක්‍රීඩාවකි. ගෝලීය වසංගතයක අහිතකර බලපෑම්වලින් මිදී, ශ්‍රී ලංකාව ඉදිරිය බලා ගමන් කරන මෙවන් මොහොතකදී ශ්‍රී ලංකිකයින්ගේ එකමුතුකම ඉහළ නංවමින්, සුබවාදී ආකල්ප වර්ධනය කිරීමට ක්‍රීඩාවෙන් ලැබෙන දායකත්වය ඉතා විශාලයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව එවන් ගමනක නිරතවීමට ලැබීම පිළිබඳව Moose Clothing සමාගම බෙහෙවින් සතුටට පත්වන අතර, එම සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගැනීමට අපේක්ෂා කරනවා″, ඔහු වැඩිදුරටත් විස්තර කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීමේ අරමුණින් යුතුව මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ විවිධ අවස්ථාවලදී නන් අයුරින් අත්වැල් බැඳගැනීමට Moose Clothing ආයතනය ක්‍රියාකර තිබේ. තව ද 2022 වසර තුළ එළඹෙන තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට සමාගම සැදීපැහැදී සිටියි. සුවිශේෂී වටිනාකමක් නිර්මාණය කරනු ලබන ජාත්‍යන්තර ඇඟලුම් සන්නාමයක් බවට පත්වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කරන Moose Clothing සමාගම මේ වනවිටත් ගෝලීය වෙළඳපොළට පිවිස ඇති අතර, ඉදිරියේදී නව වෙළෙඳපොළවල් කරා පිවිසෙමින් ශ්‍රී ලාංකික ඇඟලුම් ගෝලීය සන්නාම අතරට ගෙන යාම සමාගමේ අභිප්‍රාය වේ.