මැලිබන් සමාගමේ මාධ්‍ය නිවේදනය

Maliban Sinhala Logo

 



 

 

 

ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ අයුරින් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මේ මොහොතේ, වසර 70 කට අධික කාලයක් යහගුණයෙන් පන්නරය ලැබූ සැබෑම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් ලෙස මැලිබන්, කාලීන වූ අස්ථාවර ආර්ථික තත්ත්වයන් නිසා මුළුමහත් ශ්‍රී ලාංකිකයන්  අත්විඳිමින් සිටින අප්‍රමාණ වූ දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ඉමහත් කම්පාවට පත්වී සිටින්නෙමු.

අන්‍යෝන්‍ය වටිනාකම් අගයමින්, ඉතාමත් සාමකාමී පිළිවෙතක් අනුගමනය කරමින්, මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව එක්රැස් කර ගනිමින්, දැයේ හෙට දිනය බලාපොරොත්තුව වන අභිමානවත් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මේ ප්‍රශංසනීය ප්‍රයත්නය, 100% දේශීය ආයතනයක් වන මැලිබන් විසින් නිහතමානීව අගයන්නෙමු. මෙම එක්සිත්ව නැගී සිටීම අවිනිශ්චිත හෙට දිනය පිලිබඳ  නව බලාපොරොත්තු දල්වමින් පවතී.

අතීතයේදී දුෂ්කරතා හා අභියෝග රැසක් මතින් නැඟීසිටි දේශයක් වශයෙන්, මේ ආර්ථික අවිනිශ්චිතතාවන් තුළින් මතු වූ අභියෝග ද ජයගැනීමට අපට හැකිවනු ඇති බව අප විශ්වාසයි. ඒ අනුව, රටේ දියුණුව හා ආර්ථික ස්ථාවරත්වය නැවත ඇතිකිරීම සඳහා, හැකියාවන් මත පදනම් වූ දේශපාලන හා සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දියත් කර තිබෙන්නා වූ සාමකාමී හා ගෞවරණීය සමාජ ව්‍යාපාරයන්ට මැලිබන් සමාගමේ ප්‍රශංසාව සහ සහයෝගය හිමි වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව