මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය DOMA CTP 20 යන්ත්‍රය 15වන යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය කෙරේ

Photo Caption 02 (LBN)

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) , 15වන යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සදහා සහභාගී වන අතර, 2025 ජනවාරි මස 24,25,26 යන තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙහිදී DOMA CTP 20 වර්ගයේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වන මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් DOMA CTP 20 යන්ත්‍රය ද ව්‍යාපාරිකයින් සහ නව ව්‍යවසායකයින්ට මෙම වෙළද ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරනු ලබයි.
 



 

මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම , මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින දැවැන්ත කැපීපෙනනෙ සමාගම් ද්විත්වයකි. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම (Markspen Labels (Pvt) Ltd), ආයතන සහ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons” POS Printers Barcode Scanners)  ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම විසින් සිදු කරයි.

මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා  DOMA CTP 20  ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වේ. DOMA CTP 20 යන්ත්‍රය, විදුලි පිරිවැය අඩු කරමින් මුල් අවස්ථාවේ දීම සහල්වල ඇති ගල්, වැලි, රොඩු ඉවත් කිරීම නිසා යන්ත්‍රයේ රබර් රෝල් හානිය අවම කරයි. ගල් වැලි 100%ක් ඉවත් කර පැයකට වී කිලෝ 1000ක් සහල් බවට පත් කරනු ලබයි. යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියා කරන බැවින් තනි පුද්ගලයෙකුට හෝ හැසිරවිය හැක. එබැවින් සේවක ගැටළු සහ නිෂ්පාදන පිරිවැය අවම වේ. දිනකට පැය 16ක් පමණ යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියා කරන අතර, DOMA CTP 20 යන්ත්‍රය භාවිතයෙන් කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ වැඩි ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකි වීම සුවිශේෂී වේ. ඊට අමතරව වී වියලිමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදී යන්ත්‍රසූත්‍ර සදහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.

15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ වෙළඳ කුටි අංක 192, 193 සහ 194 වෙත පිවිසීමෙන් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය විසින් ලබා දෙන සේවාවන් සහ විසඳුම් පිළිබද දැනුවත් වීමට හැකියාව පවතී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව