මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් (MI Finance) සමාගම, දෙවන කාර්තුවේ කැපීපෙනෙන ලාභ වර්ධනයක් සමගින් සමස්ත වත්කම් රු. බිලියන 100 ඉක්මවා යාමට සමත්ව තිබේ. මෙම කාර්යසාධනයත් සමග එම සමාගම මෙරට ප්‍රමුඛත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තහවුරුකර ගෙන ඇත. වසර 60 ක් පුරා එම සමාගම මධ්‍යම ප්‍රමාණයේ ආයතනයක සිට වෙළෙඳපොළේ ප්‍රමුඛ ආයතනයක් දක්වා ආ ගමන්මග මෙම මුල්‍ය වාර්තා මගින් මැනවින් පිළිබිඹු කෙරේ.
ඒ අනුව, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, අර්ධ වර්ෂය සඳහා රු. මිලියන 504 ක ශුද්ධ බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය 35 ක වසරින්-වසර වර්ධනයකි. මේ අතර, එම සමාගමේ බදු පෙර ලාභය ද රු. මිලියන 837 ක් ලෙස වාර්තා වූ අතර එය 34% ක වර්ධනයකි. 86% ක වර්ධනයක් පෙන්නුම් කළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ණය පදනම, මෙම දැවැන්ත කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් බලපෑ අතර, එය රු. බිලියන 75 ක් ලෙස වාර්තා විය.
ශුද්ධ පොළී ආදායම ද රු. බිලියන 3.4 ක් දක්වා 24% කින් වර්ධනය වූ අතර, මූලික ආදායමේ සිදු වූ 27% ක වර්ධනය සහ අරමුදල් පිරිවැය අඩු කළ ක්‍රමෝපායික ප්‍රතිමිලකරණය එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. දිවයිනේ පළාත් නවය තුළ ක්‍රමෝපායික ලෙස ස්ථාපනයකර ඇති ශාඛා 85 ක ජාලය පුළුල් කිරීම හරහා ළඟාකර ගත් තැන්පතුවල 40% ක ශක්තිමත් වාර්ෂික වර්ධනය, ලාභ පරතරය පුළුල්කර ගැනීමට හේතු විය.
මෙම වර්ධනය, සමාගම තුළ සිදු වෙමින් පවතින පරිවර්තනීය වෙනස නිරූපණය කරයි. මාස 18 ක් තුළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛා ජාලය 40 ක සිට 85 ක් දක්වා පුළුල් කිරීමට කටයුතු කෙරුණු අතර, මුල්‍ය අර්බුදයෙන් තවමත් නැගී සිටිමින් සිටින අංශයක දැඩි ශික්ෂණයෙන් යුතුව සේවා පෙළ ක්‍රියාත්මක කිරීමට එම සමාගම කටයුතු කළේය. ණය අංශය රු. බිලියන 37 ක සිට රු. බිලියන 75 ක් දක්වා දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, ශ්‍රී ලාංකේය පාරිභෝගිග අංශයට සේවා සැලසීමට අත්‍යවශ්‍යවන රන් ණය ද රු. බිලියන 2 ක සිට රු. බිලියන 12 දක්වා කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළේය. ඒ අතර, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය සහ තිරසර ද්‍රවශීලතා ආමුඛවීම් පිළිබිඹු කරමින් තැන්පතු ද රු. බිලියන 36 ක සිට රු. බිලියන 51 ක් දක්වා වර්ධනය විය.
වර්ධන ප්‍රමාණය ඉක්මවා යමින්, සේවා පෙළෙහි සිදුවී තිබෙන ගුණාත්මක වෙනස ද මෙම වර්ධනයට පදනම වී තිබේ. සමාගම විසින් මේවන විට අනුගමනය කරමින් සිටින ව්‍යාපාරික වර්ධන ක්‍රමෝපායට අනුව වත්කම්වල ගුණාත්මකබව පෙන්නුම් කරමින් අක්‍රීය ණය ප්‍රතිශතය 4.65% ක් වැනි සුවිශේෂී මට්ටමක පවත්වා ගැනීමට සමාගම සමත්ව තිබේ. රු. බිලියන 15 ක ශක්තිමත් ප්‍රාග්ධන පදනම එම කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. මෑතකදී Fitch Ratings Lanka ආයතනය, ඉහළ නංවන ලද ස්ථාවර දර්ශනයක් සමගින් BBB-(lka) ජාතික දිගුකාලීන ශ්‍රේණිගතකිරීම යළිත් තහවුරු කිරීම ද එම කාර්යසාධනයට බලපෑ තවත් සාධකයකි.
“සමස්ත වත්කම් රු. බිලියන 100 ක මට්ටම ඉක්මවා යාමට සමත් වීම, අප දශක හයක කාලයක් පුරා තැන්පත්කරුවන්ගේ අභිලාශ ඉටු කිරීමටත්, ඔවුන් සඳහා අර්ථවත් අගයක් නිර්මාණය කිරීමටත් දැක්වූ කැපවීමේ ප්‍රතිඵලයකි. මෙම සංධිස්ථානය මගින් අපගේ සැලසුම්සහගත වර්ධන ක්‍රමෝපාය සහ ශික්ෂණයෙන් යුතු ක්‍රියාත්මකවීම මෙන්ම, සිය මුල්‍ය සහකරු ලෙස අප තෝරාගත් 250,000 කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය ද පිළිබිඹු කරනවා,” යනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සඳහන් කළේය.
1964 වසරේදී ප්‍රධාන වශයෙන් රථ වාහන සඳහා මුල්‍ය සේවා ලබා දීම සඳහා ස්ථාපනය කරන ලද මර්කන්ටයිල්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 2011 වසරේදී ඔන්ඩච්චි මහතාගේ නායකත්වය යටතේ වේගවත් පරිවර්තනයකට ලක් විය. ඉතා කෙටි කාලයක් තුළ පුළුල් වූ එහි ශාඛා ජාලය මගින්, එම සමාගම මෙරට ශීඝ්‍රයෙන් ම වර්ධනයවන මුල්‍ය සමාගමක් ලෙස සිය ස්ථානය තහවුරුකර ගැනීමට සමත්ව සිටී.
මෙම ව්‍යාපාරික පුළුල් කිරීම, විශේෂයෙන් අඩු වරප්‍රසාදලාභී දිස්ත්‍රික්ක ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වූ අතර, එම ප්‍රජාව සඳහා විධිමත් මුල්‍ය සේවාවලට ප්‍රවේශය ලබා දීම හරහා පිරිවැය අඩු තැන්පතු පදනමක් තුළින් වත්කම් වර්ධනය අත්කර ගැනීමට හැකි විය. මුල්‍ය අන්තර්කරණය සහ වාණිජ හැකියාව එක්කර දියත් කෙරුණු ක්‍රමෝපාය හේතුවෙන් එම සමාගමට මෝටර් රථ ලීසිං, ක්ෂුද්‍ර රථ ණය සහ සුරක්ෂිත රන් ණය සඳහා නාගරිකව මෙන්ම අර්ධ-නාගරිකව ද පවතින ඉල්ලුම සපුරාලීමට හැකි වී තිබේ.
2027 වසර පුරාම e-wallet, අන්තර්ජාල බැංකුකරණ සහ කාඩ්පත් සේවා ආදී ඩිජිටල් යටිතල පහසුකම්වල සිදු කිරීමට නියමිත ක්‍රමෝපායික ආයෝජන හරහා, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම තමන් සතු ශක්තිය තුළින් තිරසර තරගකාරී වෙළෙඳපොළ වාසියක් අත්කර ගැනීමට සූදානමින් සිටී. මෙම රු. බිලියන 100 ක සංධිස්ථානය, සමාගමේ ගමන්මග දෙස බලා සිටින පාරිභෝගිකයින්ට මෙන්ම කොටස්හිමියන්ට ද සමාගමේ මීළඟ වර්ධන අදියර පිළිබඳ මනා අදහසක් ලබා දෙයි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ නායකත්ව කණ්ඩායම සිය කැපවීම යළි-යළිත් තහවුරුකර සිටී. “මූලික පදනම ඉතා ශක්තිමත්ය. එබැවින්, ස්ථාවරත්වය, විශ්වාසය සහ පාරිභෝගික සවිබලගැන්වීම තුළින් මීළඟ වර්ධන අදියරට ගමන් කිරීමට අපි සූදානමින් සිටිමු.”
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්යසාධනයක් සමගින් වත්කම් රු. බිලියන 100 ඉක්මවයි