මනුදම් පෙර දැරි හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාහැඟි ආදර්ශයක්

Hemas hospital CSR 1 (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අනුව වත්තල හා තලවතුගොඩ පිහිටි හේමාස් රෝහල් කාර්යමණ්ඩලයට සහ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට හේමාස් රෝහල් සහ හේමාස් රසායනාගාර සමුහයේ කළමනාකාරීත්ව පියවර ගන්නා ලදි. සමගාමී සමාජ සත්කාරයක් ලෙස වත්තල සහ තලවතුගොඩ රෝහල් පරිශ්‍රයන් දෙකෙහිම මෙම වැඩසටහන පැවැත්විණ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ එදින සේවයේ යෙදී සිටි වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් කාර්ය මණඩලයට සහ වත්තල සහ තලවතුගොඩ ප්‍රදේශයන්හි අඩු ආදායම් ලාභීන් ඇතුළුව 2000කට අධික පිරිසකගේ දිවා ආහාරය සම්පාදනය කිරීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කරන ලදි. මෙම මාහැඟි ප්‍රජා සත්කාරය සඳහා හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, පූජ්‍ය හික්ගොඩ චන්දිම හිමි, වත්තල ශා.ආනා දේවස්ථානයේ රජිත ලියනගේ පියතුමා, තලවතුගොඩ සම්බුද්ධාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත විජිත රන්සි හිමියන් ඇතුළුව වත්තල සහ තලවතුගොඩ රෝහල් කාර්ය මන්ඩලයෙහි විශාල පිරිසක් එක් වූහ.

හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය විසින් සංවිධානය කළ මෙම උදාර ප්‍රජා වැඩසටහන පිලිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා “ දැඩි අභියෝග මධ්‍යයේ සිය සේවය දැඩි කැපකිරීමකින් ඉටුකරන අපගේ රෝහල් කාර්ය මණඩලයටත් ආර්ථික අභියෝග මධ්‍යයේ ජීවිතය පවත්වා ගැනීමේ දුෂ්කර සටනක නිරත වී සිටින වත්තල හා තලවතුගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් අප විසින් ඉටු කළ සහ ඉදිරියේදීත් ඉටු කරන සමාජ සත්කාරයන් මගින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට විශාල සහායක් අප විසින් ලබා දෙන අතර මේ උතුම් පොහෝදින හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය විසින් සිදු කළ මෙම ප්‍රජා සත්කාරය මනුදම් අගයන රොහල් සමූහයක කාර්යමණඩලයේ සාමූහික සත් ක්‍රියාවක් ලෙස හඳුන්වා දෙන්නට කැමතියි. එමෙන්ම ඉදිරියේදීත් සුවදන, සුවසිසු යන අපගේ ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන් හරහා ප්‍රජාව වෙත ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.

වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් කේන්ද්‍රගත කරගනිමින් පැවති මෙම දිවා ආහාරය පිරිනැමීමේ ප්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වන තලවතුගොඩ සම්බුද්ධාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත විජිත රන්සි හිමියන් “ගෞතම බුදුහිමියන්ගේ ශ්‍රී සද්ධර්මය ලෝතලය වෙත පළමු වරට ශ්‍රවණය කිරීමට අවස්තාව ලද බෞද්ධයින්ට අතිශය වැදගත් පොහෝදිනයක් වූ ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් තලවතුගොඩ සහ වත්තල ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පුද්ගලයින් 2000කට අධික පිරිසකගේ තුසගිනි නිවීම සඳහා තලවතුගොඩ සහ වත්තල හේමාස් රෝහල් කාර්යමණ්ඩලය මූලිකත්වය ගැනීම මනුකම් අගයන මහා පින්කමක් ලෙස නිසැකවම සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙබඳු අභියෝගාත්මක කාලයක මේ සා විශාල ප්‍රජා සත්කාරයක් සාර්ථකව ඉටුකිරීම පිළිබඳව මෙම රෝහල් දෙකේම කළමනාකාරීත්වයට සහ කාර්යමණ්ඩලයට අපගේ පුන්‍යානුමෝදනාව හිමි විය යුතුයි” යනුවෙන් පැවසීය.

“ජාති භේද ආගම් භේද පසෙකලා එක් රටක් එක් ජාතියක් ලෙස නැගී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ එම උදාර හැඟීම් අතර දානය සහ පරිත්‍යාගශීලී බව ලක්වාසීන්ට ආගමික සහජීවනය තුළින් ලද දායාදයක් බව මගේ හැඟීමයි. මේ උතුම් මානව ධර්මතා පෙරදැරිව හේමාස් රෝහල් සමූහය විසින් රට අර්බුදයක පැවතී සෑම අවස්ථාවකදීම රෝහල් සමූහයක් ලෙස තමන්ට කළ හැකි සමාජ කාර්යභාරය උපරිම වශයෙන් ඉටුකරන්නට කටයුතු කළ බව පූජ්‍ය පක්ෂය ලෙස අපි අවිවාදයෙන්ම පිලිගන්නවා. කෝවිඩ් වසංගතය හමුවේ අසරණ වූ වත්තල හා ඒ අවට ප්‍රජාව වෙත අවශ්‍ය ආධාර ලබා දීමට හේමාස් රෝහල් සමූහය පියවර ගත් ආකාර අපි කෘතඥතාපූර්වකව මෙහිදී සිහිපත් කරනවා” යනුවෙන් වත්තල ශා.ආනා දේවස්ථානයේ රජිත ලියනගේ පියතුමන් මෙහිදී සඳහන් කළේය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව