මතීෂ සහ ලීඩියා රත්නපුරයේදී ආධුනික බැඩ්මින්ටන් ශුරතා දිනති

WhatsApp Image 2025-10-07 at 08.28.20_33e7b9e9 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට මතීෂ සමත්වූ අතර, විවෘත කාන්තා ඒකල ශූරතාව සමඟ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනාගත් ලීඩියා ද්විත්ව ශූරතාවට හිමිකම් කීමට සමත් වූවාය.

කුරුවිට දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී මතීෂ පෙරේරා විසින් ලකුණු 21-14ක් සහ 21-7ක් ලෙස සුරේෂ් ජයසූරිය පරාජය කළ අතර, විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලීඩියා ෆොන්සේකා හමුවේ ශෙහානි විජේනායක ලකුණු 21-8ක් සහ 21-10ක් ලෙස පරාජයට පත් විය. ඊට පෙර ඇය අවුරුදු 17න් පහල බාලිකා ඒකල ශුරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-16ක් සහ 21-9කින් තෙසඳි දිනුවරි පරාජය කරමිනි.

 



 
දින 5ක් පුරා පැවැති ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත පිරිමි යුගල අවසන් මහා තරගයේදී සුබේර් ආදිල් සහ එස්.එම්.ඉම්සාන් එක්ව ලකුණු  21-14ක් සහ 21-15ක් ලෙස අෂේන් ඉමල්ක සහ ආදිත්‍ය කල්හාර පරාජයට පත් කළ අතර, දේවින්ද්‍ර ප්‍රනාන්දු සහ සඳලි ගීකියනගේ හමුවේ ඔමිඳු බිම්සර සහ සඳුමි අමායා ලකුණු 21-18ක් සහ 21-18ක් ලෙස විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී පරාජයට පත් වූහ.

අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව සහ යුගල ශූරතාව දිනාගත් නිෂාදි තෙනුෂිකා ද්විත්ව ශුරතාවට හිමිකම් කීමට සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-12ක් සහ 21-18ක් ලෙස යාගම ගිම්හාන පරාජයට පත් කළ ලාෆීර් අන්සාෆ් විසිනි. තෂාරා ජයරත්න ලකුණු 21-10ක් සහ 21-9ක් ලෙස පරාජයට පත් කරමින් 19න් පහළ බාලිකා ඒකල ශුරතාව දිනූ නිෂාදි එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල ශුරතාවට හිමිකම් කියනු ලැබුවේ තෂාරා ජයරත්න සමඟ එක්ව ලකුණු 21-9ක් සහ 21-9ක් ලෙස දිනුගි ද සිල්වා සහ සෙතුම්දි විජේගුණවර්ධන පරාජයට පත් කරමිනි.  ලකුණු 21-11ක් සහ 21-15ක් ලෙස ඔමිර දින්සර සහ තාරුක රජින් පරාජයට පත් කළ යාගම ගිම්හාන සහ ඉරුන් ශාක්‍ය 19න් පහළ බාලක යුගල ශූරතාවට හිමිකම් කීහ.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග සබරගමුව කලාපයේ ප්‍රමුඛතම ගෘහස්ත ක්‍රීඩා පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාංගන ත්‍රිත්වයක පැවැති අතර,  කුරුවිට පිහිටි දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්.විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණය, රත්නපුර නගරයේ පිහිටි සබරගමුව පළාත් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය සහ සීවලී විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණය ඊට ඇතුළත් විය.

තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා කලාපීය සංවර්ධන කමිටුවෙන් සහ සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයට පූර්ණ සහයෝගය ලැබී තිබිණි. ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස  Mobil, Sunquick සහ LiNing කටයුතු කරනු ලැබීය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව