බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි

IMG-20240627-WA0015 (LBN)

දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති හා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ අධ්‍යාපනවේදීන් වන විමල් කොතලාවල හා සුසන්ත තිලකරත්න මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූහ.

නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අලියාර් ෆයිසර් මහතා ද මේ අවස්ථාවට එක් වූ අතර,  Mcfoil, Mobil, Li-Ning සහ 3M අනුග්‍රාහකත්වයෙන් යුතුව වැඩසටහන පැවැත්විණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව