බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පාඨමාලාවේදී 97කට අවසරපත්‍ර සහ සහතික පත් පිරි නැමේ

1691821128548 (LBN)

 



 

 

බැඩ්මින්ටන් පුහුණුකිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩ පිලිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේ අවසරපත්‍ර සහ සහතික පිරිනැමීමේ උත්සවයේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසරපත්‍ර සහ සහතිකපත්‍ර පිරි නමනු ලැබීය.

පුහුණු න්‍යාය, ක්‍රීඩා පෝෂණය, ශක්ති පුහුණුව, ශාරීරික පුහුණුව, ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව වැනි දේශන ඇතුළත් මෙමවැඩසටහන අවසානයේ ලිඛිත ප්‍රායෝගික ඇගයීමක් සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය විසින් නිකුත් කරන ලද සහතිකයක් සහ බලපත්‍රයක් එම පුහුණුකරුවන්ට ලැබිණි.

‘ඔබ ලැබූ පුහුණුවෙන් ඉදිරියේදී අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි දැනුමක් සහිතව ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබේවි. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් නිකුත් කරන මෙම සහතිකය ඉතා වටිනවා. එබැවින් ඔබේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් ඔබ සැම අද දිනයේ ලැබූ බවට මම විශ්වාස කරනවා.‘ මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා කියා සිටියේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව