බැඩ්මින්ටන් පුහුණුකරුවන් සවිබල ගැන්වීමේ මංගල පියවර මේ මස 8 සහ 9 අනුරාධපුරයෙන් ඇරඹේ

Badminton

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලබන මූලික මට්ටමේ බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන මේ මස 8 සහ 9 දෙදින අනුරාධපුර මයික් කුක් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුහුණුකරුවන් සවිබලගැන්වීමේ අපේක්ෂාවෙන් සිදු කෙරෙන්නකි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය  යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

පළමු වරට ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස අනුරාධපුරයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන උතුරු පළාතේ සහ උතුරු මැද පළාතේ නව බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඉලක්ක කරමින් පැවැත්වෙන අතර, රට පුරා විසිරී සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඒකරාශී කරමින් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශේෂිත පුහුණුවක් සහ සහතිකපත්‍රයක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව