බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිධුරයට රොෂාන් ගුණවර්ධන නිතරගයෙන්

Roshan Gunawardena

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය. බැඩ්මින්ටන් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා වසර 2025 සිට 2027 දක්වා දෙවසරක කාලයක් සඳහා සභාපතිවරයා ලෙස පත්වීම ලබන 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන බැඩ්මින්ටන් ආයතනයේ වාර්ෂික මහ සභාවේදී සිදු වනු ඇත. බැඩ්මින්ටන් ආයතනයේ සෙසු නිලධාරි මඬුල්ල ද එදින යළි සිය තනතුරුවලට පත්වීමට නියමිතය.

බැඩ්මින්ටන් ආයතනයේ වත්මන් සභාපතිවරයා වන රොහාන් ද සිල්වා පෞද්ගලික හේතුන් සහ කාර්යබහුල ව්‍යාපාරික කටයුතු හේතුවෙන් සභාපතිධුරයෙන් ඉවත්වන බව මීට මාස කිහිපයකට පෙර බැඩ්මින්ටන් ආයතනයට දැනුම්දුන් අතර, ඔහුගේ ඉවත්වීම බැඩ්මින්ටන් ආයතනයේ විධායක කමිටුව විසින් අනුමත කරනු ලැබීය.

ඒ අනුව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ටී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලවරණ කමිටුවක් පත් කරමින් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට බැඩ්මින්ටන් ආයතනය පසුගියදා පියවර ගත් අතර, ඊයේ එම නාමයෝජනා විවෘත කිරීමේදී සභාපතිධුරය සඳහා රොෂාන් ගුණවර්ධන මහතාගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වී තිබිණි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව