බවර් සමාගමේ අනුබද්ධිත සමාගම් තුනක අධ්‍යක්ෂ ධූර සඳහා ඩැනියෙලා මුණසිංහ පත්කෙරේ

1. Daniela J Munasinghe

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන බවර් සමූහය විසින් තම අනුබද්ධිත සමාගම් තුනක, එනම් බවර් එයාර් සර්විසස්, ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමි සහ බවර් ට්‍රැවල්ස් යන සමාගම්වල අධ්‍යක්ෂ ධූරයට ඩැනියෙලා ජේ. මුණසිංහ පත්කරන ලද බව පසුගියදා නිවේදනය කළේය.

සංචාරක කර්මාන්තයේ සහ සංචාරක අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් ඇති ඩැනියෙලා ජේ. මුණසිංහ මහත්මිය බවර් සමූහයේ සංචාරක කර්මාන්ත අංශයට නව දැනුම, නායකත්වය සහ දැක්මක් රැගෙන එනු ඇත.

ඇය මීට පෙර, හිල්ටන්, ෆෙයාමොන්ට් සහ මැරියට් වැනි ජාත්‍යන්තර ප්‍රකට හෝටල් රැසක සේවයකර තිබේ. Kuoni DMC සමාගමේ සේවය කළ කාලය අතරතුරදී ගමනාන්ත කළමනාකරණ සහ සංචරණ ක්ෂේත්‍රය තුළ මහා පරිමාණ ජාත්‍යන්තර සංචාරක ලොජිස්ටික් කළමනාකරණය පිළිබඳ ලබාගත් පුළුල් අවබෝධයක් ද ඇය සතු ය.
 



 

උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාව වැනි විවිධ කලාප රැසක සේවයකර ඇති ඇය වසර 17ක් පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන අතර, තම ජාත්‍යන්තර අත්දැකීම් හරහා විවිධ ජාත්‍යන්තර වෙළෙඳපොළවල් හා බැඳුණු සංස්කෘතික සුවිශේෂතා පිළිබඳ මනා වැටහීමක් ද ඩැනියෙලා මුණසිංහ සතු ය. ගෝලීය ව්‍යාපාරික උපායමාර්ග සැකසීමේදී එවැනි පුළුල් අවබෝධයක් පැවතීම අතිශය වැදගත් ය.

ස්විට්සර්ලන්තයේ IMI හෝටල් පාසලෙන් ශ්‍රාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හිමි ඇය, නිරන්තරයෙන් සංචාරක කර්මාන්ත සමුළු සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන්වලට එක්වෙමින්, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ නව සොයාගැනීම් පිළිබඳව තම දැනුම යාවත්කාලීන කරගැනීමට ද ඇය කටයුතු කරයි.

වර්ෂ 2020 සිට බවර් සමාගමේ අනුබද්ධිත ආයා තන සමඟ සිය අත්දැකීම් සහ උපායමාර්ගික දැක්ම හුවමාරු කරගැනීමට ද ඇය ක්‍රියාකර ඇත. මෙම නව තනතුරු සමඟ ඩැනිලොගේ වෘත්තිය ජීවිතය තුළ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති අතර, ශක්තිමත් අනාගත නායකත්වයක් උදෙසා බිහිකරගැනීමට බවර් සමාගමේ කැපවීම ද ඉන් ප්‍රකට වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව