පීපල්ස් ලීසිං සමාගම නව ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කරයි.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම නව ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ හසළ දැනුමක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා පසුගියදා පත් කරනු ලැබීය.

HSBC බැංකු සමූහයේ සේවයකිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකි. එහෙයින් ඔහුගේ එම විශිෂ්ට මූල්‍ය ක්ෂේත‍්‍ර දැක්ම පීපල්ස් ලීසිං සමාගමෙහි මූලෝපාය මගපෙන්වීමට දායකත්වයක් වනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමෙහි නව ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට පෙර ෂමින්ද්‍ර මර්සිලින් මහතා ශී‍්‍ර ලංකාවේ DFCC බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/සමාගම් බැංකුකරණ ප‍්‍රධානී ලෙස කටයුතු කළේය. තවද එමගින් ඔහු එම බැංකුවේ සමාගම් බැංකුකරණයෙහි මෙරට තුළ හා විදේශීය වෙළෙඳපොලහි මූලෝපාය වෙනසක් කිරීමට ද සමත්විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස මාලදිවයිනේ ප‍්‍රමුඛතම සමාගමක උපදේශකවරයා බවට පත් ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම සමාගමට ද්විත්ව ව්‍යාපාර වස්තු කොටස් ද්වි පාර්ෂික ණය පහසුකමක් සැපයුවේ බැංකුවට නව ආකෘතියක් එක්කිරීමේ පු‍්‍රමුඛ කාර්යභාරයක් සිදුකරමිනි. එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවේ DFCC බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම ණය පහසුකම ලෙසිනි.

එමෙන්ම  DFCC බැංකුවේ විධායක කමිටු, වත්කම් හා බැරකම් කමිටු හා මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටු සාමාජිකයෙකු ලෙස ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම බැංකුවේ ආයතනික මූලාරම්භ ලබාදීමේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බැංකුකරුවෙකු ලෙසින් ද සැලකේ.

DFCC බැංකුවට එක්වීමට පෙර HSBC බැංකුවේ ශී‍්‍ර ලංකාව හා මාලදිවයින සඳහා මූල්‍ය ආයතන සමූහයන් හා රාජ්‍ය අංශ පිළිබඳ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

 




 

1993 දී ශී‍්‍ර ලංකාවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලද ෂමින්ද්‍ර මර්සිලින් මහතා 1996 දී එක්සත් රාජධානියේ City University වෙතින් ආර්ථික හා ගිණුම්කරණ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තෙකි. එයට අමතරව මර්සිලින් මහතා Finance Advisors’ International Qualifications (FAIQ) හා එක්සත් රාජධානීයේ Chartered Insurance Institute හි සහතික ලද්දෙකි.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) මූල්‍ය සමාගමක් වන අතර 7 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම Transparency International Sri Lanka (TISL) ආයතනය විසින් ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙඳපොල ශ්‍රේණිගත සමාගම්වල ඉහළම විනිවිදභාවය සම්බන්ධයෙන් ප‍්‍රථම වරට සිදු කළ  ‘සමාගම් වාර්තාකරණයේ තක්සේරුව’ නම් ශ්‍රේණිගතකරණයෙහි තෙවන ස්ථානයද හිමි විය.

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + six =