පීපල්ස් ලීසිං සමාගම නව නිෂ්පාදන සංවර්ධනයේ සේවක නවෝත්පාදන හදුනා ගනිමින් “පීපල්ස් ලීසිං සභාපති සම්මානය” පිරි නමයි.

PLC- Chairman Awards - 2022 (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රි ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිිපූර්ණකිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හදුන්වාදෙනු ලබන සමාගමකි. එසේම නව සේවා සහ පහසුකම් සැපයිමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලි අදහස් සදහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන්  ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං සමාගම  නිරතුරුවම කටයුතු කරනු ඇත.

වඩාත් නිර්මාණශීලි නව සේවා පහසුකම් සංකල්පය තෝරාගැනීමේ වැඩසටහනක් සංවිධානය කරමින් නිර්මාණශීලි අදහස් සඳහා ‘සභාපති සම්මානය’ පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගම විසින් පසුගියදා සිදුකරනු ලැබීය.

විශිෂ්ටතම නව සේවා පහසුකම් සංකල්පය ලෙස ඇඟයීමට ලක්ව ‘සභාපති සම්මානය‘ දිනාගත්තේ පීපල්ස් ලීසිං සමාගමේ කිලිනොච්චි ශාඛාවේ වී. සාරුජන් විසින් ඉදිරිපත් කළ නව සංකල්පය ය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු දෙපාර්තමේන්තුවේ චමින්ද යාපා මහතා හා චුන්නාකම් ශාඛාවේ ජී. පිරතීපන් මහතා විසින් ඉදිරිපත් කළ නිෂ්පාදන සංකල්පයන් අවසන් වටයට තේරුණු අතර ඔවුන්ටද සම්මාන ප්‍රදානය කෙරුණි.

මෙම  අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලීන් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය හා ජේ්‍යෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාලයේ සියලුම සේවකයන්ට මෙම සම්මානය සඳහා අයදුම්කිරීමේ අවස්ථාව විවරවූ අතර විශේෂිත කමිටුවක් මඟින් සැකසූ නිර්ණායක මත පදනම්ව ‘නව නිෂ්පාදන සංකල්පයන්’ හි නව්‍යභාවය පිළිබද ඇඟයීම සිදු කෙරුණි. මෙහිදී ‘නව සේවා සංකල්ප’ 58ක් ලැබුණු අතර නව සංකල්පය 8ක් තෝරා ගැනුණි. එයින් විශිෂ්ටතම සංකල්ප 3ක් සඳහා සම්මාන පිරිනැමුණි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව