පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා හා අභියෝග රැසක් හමුවේ 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව ඉහළ ප්‍රගතියක් සමඟ අවසන් කරයි.

PLC - Chairman -Mr Pradeep Amirthanayagam (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා රුපියල් මිලියන 959ක කැපී පෙනෙන කාර්තුමය ලාභයක් සමඟ, 2022 දෙසැම්බර් 31දායින් අවසන්වූ කාලපරිච්ජේදය සඳහා බදු පසු ලාභය (PAT) ලෙස රුපියල් මිලියන 1,637ක ඉපයීමක් ලැබීමට සමත්ව තිබේ. තම වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ සිය උපායමාර්ගික මුලපිරීම් කළමනාකරණය කිරීමට සමාගමට පවතින හැකියාව මෙයින් පෙන්නුම් කෙරේ.

රට තුළ පවතින අයාහපත් සමාජ ආර්ථික දැක්ම යටතේ සමාගමේ ප්‍රධාන ආදායමවන පොලී ආදායම 28.3%කින් වර්ධනයවීම කැපී පෙනෙන්නකි. මේ අතර රට තූළ උද්ධමනකාරී තත්ත්වය ඉහළයමින් තිබෙන මොහොතක සමාගමේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් අනුගමනය කළ ඩිජිටල් නව්‍යකරණ උපායමාර්ග හා විවිධ පිරිවැය පාලනයකිරීමේ පියවරවල් හේතුවෙන් සමාගම තුළ මෙහෙයුම් වියදම්වල වර්ධනය සාර්ථකව තනි ඉලක්කමක පවත්වාගැනීමට හැකිවිය. නමුත් රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පළමු කාර්තු දෙක තුළ සමාගමේ කාර්යසාධනයේ යම් දුර්වලබවක් දක්නට තිබුණද සමාගමේ නව නායකත්වය යටතේ තෙවන කාර්තුවේ විශිෂ්ට කාර්යසාධනයක් ලබාගැනීමට හැකිවිණි. එහෙයින් වසර අවසාන ප්‍රතිඵලයන් හි වෙනසක් අත් කරගැනීමට නැවත හැකිවනු ඇත.

තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිපල පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනාගයම් මහතා පැවසුවේ, ‘අපේ විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය පිළිබිඹුකිරීම සඳහා සේවක කැපවීම, පාර්ශ්වකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා වන උපායමාර්ග පෙළගැස්වීම, හිතකර මෙහෙයුම් පරිසරයක් සහතිකකිරීමට ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටී නැවත යාවත්කාලීනකිරීම සිදු කළ යුතු බවත් ඒ සඳහා වඩාත් ස්ථායි සේවා ස්ථානයක් ලෙස වෙනස්කම් සාර්ථකව සිදුකරගෙන යෑමට සමාගමේ අප්‍රහිත සහයෝගය තිබුණි.’ යන්නය.

මෙම දුෂ්කර අවස්ථාවේ 2,000කට අධික සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කරමින් ආකර්ෂණීය බදු පසු ලාභයක් සාක්ෂාත් කරගත්බව පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා තවදුරටත් සඳහන් කළේය.

පළමු මාස හය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගිය අපහායන ගාස්තු හා සසඳන විට ණය අවදානම් කළමනාකරණය කිරීමේදී අන්‍යෝන්‍ය  වශයෙන් සිදුකරන ලද නොපසුබස්නා උත්සාහයන් හා ඵලදායි ලෙස සම්පත් උපයෝජනය සහ එකතුකිරීම්වල වැඩිදියුණුකිරීම් මගින් කාර්තුව තුළ අපහායන ගාස්තු අඩුවීමේ අවස්ථාවන් සමාගම දුටුවේය. මෙම කාලපරිච්ජේදය තුළ ප්‍රාග්ධන අවවශ්‍යතා හා ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය පමා සහන කාලයසම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසී අභිබවා එම නියාමන අවශ්‍යතාවන් පවත්වාගැනීමට සමාගම සමත්වූ අතර අක්‍රීය ණය (NPL) අනුපාතයද ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වාගෙන යෑමට සමාගම සමත්විණි.

රජය සතු ව්‍යවසායයක් ලෙස අනෙකුත් ප්‍රධාන බැංකු නොවන මූල්‍ය ආයතනයන් සමඟ සසඳන විට මහජන හා පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අප සමාගම වඩාත් ඇතුළත් ප්‍රවේශයක් ගෙන තිබේ. සත්‍ය වශයෙන්ම සමාගම මූලික වශයෙන් උපායමාර්ගික අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් වර්ධනය වේගය ඉහළ නැංවීමට පියවරගැනීම හා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත්කිරීම සහ පාර්ශ්වකරුවන් කේන්ද්‍ර කරගත් නායකත්වයක් අනුගමනය කරමින් සමාගම වසර පුරා තම පාර්ශ්කරුවන් වෙනුවෙන් වටිනාකමක් නිර්මාණය කළේය.

අනෙකුත් වසරවලදී මෙන්ම පීපල්ස් ලීසිං  සමාගම විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් දියත් කරනු ලැබීය.

මර්සිලින් මහකා තවදුරටත් පැවසුවේ ‘ඉදිරි දැක්ම සමාගමට අතිශය අභියෝගාත්මක බැවින් පවතින උද්ධමන පීඩනය හා ප්‍රතිපත්ති අනුපාත ඉහළ නැංවීම සමාගමේ ණය කළඹට බලපානු ඇතැයි අපේක්ෂාකරන අතරම මෙම බලපෑම පියවාගැනීමට නම් අප ආදායම් උත්පාදනය සඳහා විකල්ප මාර්ග සෙවිය යුතුය.’ යන්න ය.

වසර පුරා මුහුණදුන් අභියෝග හමුවේ වූවද 2022 දෙසැම්බර් 31දායින් අවසන්වූ කාලසීමාව තුළ අප හිමිකරගත් විවිධ ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම් හා ඇඟයීම් තුළින් පීපල්ස් සමාගමේ නොබිඳිය හැකි ශක්තිය දෘෂ්‍යමාන විය. ඒ අතර බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research ‍- ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇඟයීම සඳහා පිරිනමන ‘හොඳම භාවිතය 2022’ (Best Practices 2022) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. එමෙන්ම පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාව 2021/22 ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිවරුන් විසින් රජය සතු ව්‍යවසාය/සමාගම්- මූල්‍ය කල්බදු කාණ්ඩයේ ‘විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ ලෙස පිළිගෙන තිබේ. බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ වාර්ෂික වාර්තාව සඳහා වන ‘ලෝකඩ සම්මානය’ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීගේ ආයතනය විසින් පිරිනමන ‘TAGS සම්මානය 2022’ හිදී පිරිනමන ලද අතර දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (SAFA) විසින් ඉදිරිපත්කරන zBest Presented Annual Report AwardsZ මගින් මූල්‍ය සේවා කණාඩයේ කුසලතා සහතිකය ප්‍රදානය කරන ලදී.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වර්ෂ 1995දී මහජන බැංකුවට පූර්ණ හිමිකාරීත්වය දරණ පුද්ගලික සීමිත වගකීම් ලෙස සංස්ථාපිතකරන ලද අතර වර්තමානය වනවිට පීපල්ස් ලීසිං සන්නාමය ශ්‍රී ලාංකික හදවතේ නොමැකෙන නාමයක් බවට පත්ව තිබේ. රටේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට මූළ්‍ය සම්පාදනකිරීමේ ප්‍රමුඛ නියමුවාවන පීපල්ස් ලීසිං සමාගම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාලවූ පුද්ගලික මගී ප්‍රවාහන සේවාව යළි පණගැන්වීමට ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණෙන් ‘හිත මිතුරු’ නමින් නව සහන යෝජනා ක්‍රමයක්ද සමාගම විසින් දියත් කෙරුණි. ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක්  හා ශේෂපත්‍රයක් සමඟින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කළ බැංකු නොවන මූල්‍ය සමාගමක් (NBFI) ලෙස ෆිච් රේටින් ආයතනය විසින් ’A – (Ika)’ ලෙස ශේ්්‍රණිගත කර ඇත. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායක අංශයේ ජනතාවට අනෝන්‍ය අරමුණු හා අභිලාෂයන් ග්‍රහණය කරගැනීමට සහායවෙමින් පීපල්ස් ලීසිං අඛණ්ඩව සේවය කරනු ඇත.

පීපල්ස් ලීසිං ජාතියේ තිරසාර පරිවර්තනයට සිය උපරිම දායකත්වය දක්වන අතරම මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලාංකීය ජනතාව සවිබල ගැන්වීම හා සේවයකිරීම අඛණ්ඩව සිදුකරයි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව