පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පෙර නොවූ-විරූ තෑගි ගෙනෙන ‘ලීසිං නම් අකුරු තුනයි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

WhatsApp Image 2024-10-02 at 9.16.31 AM (1)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගම, ‘ලීසිං නම් අකුරු තුනයි’ නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේ ය. මෙය ගනුදෙනුකරුවන්ට හෙලිකොප්ටර් සවාරි, විදේශ සංචාර සහ විනෝද සවාරි ඇතුළු සුවිශේෂී තෑගි රැසක් පිරිනමන ප්‍රවර්ධන වැඩසටහනකි.
 



 
තරඟකාරී පොලී අනුපාත සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් සමඟින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ලීසිං පහසුකම් පිරිනමන සමාගමක් වශයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෙරට ජනතාවගේ ගෞරවාදරය දිනාගෙන සිටී. මෙම නව ප්‍රවර්ධන වැඩසටහනත් සමගින් මෙම ලීසිං සේවාවන්ට පෙරටත් වඩා වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වෙයි.

‘ලීසිං නම් අකුරු තුනයි’ වැඩසටහන මගින් මාස තුනක කාලයක් දක්වා සෑම මාසකයකදීම වාසනාවන්ත ගනුදෙනුකරුවන් තිදෙනෙකුට, පවුලේ සාමාජිකයෙකුද සමගින් සියලු වියදම් පියවූ හෙලිකොප්ටර් සංචාරයක යෙදීමට අවස්ථාව හිමි වේ. ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ මෙරට තුළ මෙබඳු ත්‍යාගයක් පිරිනමනු ලබන්නේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පමණි. මෙම මාස තුන අවසානයේදී තෝරාගනු ලබන ගනුදෙනුකරුවන් 100 දෙනෙකුට පවුලේ සාමාජිකයන් තිදෙනෙකුද සමග (එනම් පුද්ගලයන් 400 දෙනෙකුට) Pearl Bay ජල ක්‍රීඩා උද්‍යානයේ සංචාරයක යෙදීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව වාසනාවන්ත ගනුදෙනුකරුවන් හෝ ගනුදෙනුකාරියන් 12 දෙනෙකුට විදේශ සංචාර පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

“අපගේ වර්තමාන හා අනාගත ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ත්‍යාග පිරිනැමීම සඳහා මෙබඳු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන සමාගමක් වශයෙන්, ඔවුන්ගේ ජීවිතවලට අගයක් එක්කරන සුවිශේෂී අත්දැකීම් තිළිණ කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ‘ලීසිං නම් අකුරු තුනයි’ ප්‍රවර්ධන වැඩසටහන හරහා අප පිරිනමන්නේ හුදෙක් ත්‍යාග පමණක්ම නොවෙයි. ඒවා සැලසුම් කර තිබෙන්නේ ජයග්‍රාහකයන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් කිසිදා අමතක නොවන අත්දැකීම් පෙළක් හිමි වන ආකාරයටයි.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා පැවසී ය.

‘ලීසිං නම් අකුරු තුනයි’ වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා නව ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ලීසිං පහසුකම් ලබාගැනීම පමණි. දැනටමත් සමාගමේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට, තම ලීසිං වාරික නිසි පරිදි ගෙවීම මගින් තරඟයට සුදුසුකම් ලැබිය හැකි වේ.

‘ලීසිං නම් අකුරු තුනයි’ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.plc.lk/consumer-promotion/ වෙත පිවිසෙන්න. නැතිනම් 011 2 206 300 අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව