පාසල් රග්බි වසන්තය 2024 සඳහා තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් එක්වෙයි

Image - Sri Lanka Insurance Corporation General proudly partners Thurstan College Rugby for School Rugby Season 2024 (LBN)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින්  2024 පාසැල් රග්බි වාරයේ A කාණ්ඩයේ තරග සඳහා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල රක්ෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයකට එළැඹිණි. මෙම සහයෝගීතාවය මඟින්, ශ්‍රී ලංකාව පුරා තරුණ පරපුරේ දක්ෂතා පෝෂණය කිරීමටත්, පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සවි බල ගැන්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරන කැපවීම ඉස්මතු වේ.

 



 

SLICGL හි පුළුල් රක්ෂණ ආවරණය මඟින් ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පුහුණුකරුවන්ට මෙන්ම, ක්‍රීඩාවට සම්බන්ධ සහායක කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට, තම සුරක්ෂිත බව තහවුරු කරගනිමින්, පිටියේදී තම උපරිම දක්ෂතාවය ලබාදීමට තම පුර්ණ අවධානය යොමු කිරීමට හැකි වනු ඇත. මෙම අනුග්‍රාහකත්වය, පසුගියදා විශේෂ උත්සවයකදී තර්ස්ටන් විද්‍යාලය සහ රග්බි නිලධාරීන්ට වෙත ප්‍රදානය කෙරිණි.

රග්බි වැනි ක්‍රීඩා සඳහා ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කිරීමෙහි ලා, රක්ෂණය අතිවැදගත් භූමිකාවක් දක්වන බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් අවධාරණය කරනු ලබන කරුණකි. ක්‍රීඩාවන්ට සහභාගී වීම තුළින් විශේෂයෙන්ම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විනය පවත්වා ගැනීම, කණ්ඩායමක් සමඟින් වැඩ කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව වැනි වටිනා ජීවන කුසලතා වර්ධනය කර ගැනීමට මහත් පිටුවහලක් ලැබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේදී අනතුරු, තුවාල සිදු වන අවස්ථාවකදී, ඔවුන්ට අවශ්‍ය  මුල්‍යමය දායකත්වය ලබා ගත හැකි ලෙස, SLICGL විසින් පුළුල් පරාසයක රක්ෂණ ආවරණයක් ලබා දෙමින් සහතික කරයි.

තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමග සහයෝගීතාවයට එළැඹීම ඔස්සේ, අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  ආරක්ෂාව, යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන අතරම ක්‍රීඩාවේ විශිෂ්ට දක්ෂතා අගයන ප්‍රජාවක් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි අරමුණයි. ක්‍රීඩාවකට සමාජයට කළ හැකි යහපත් බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විශ්වාස කරමින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ හවුල්කරුවෙකු වීමට ලැබීම පිළිබඳ ආඩම්බරයට පත් වන අතර ඉදිරියේ එන ක්‍රීඩා සමය ප්‍රීතිමත් එකක් වනු ඇතැයි අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව