පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ

IMAGE-1 (LBN)

 



 

 

පාරිභෝගිකයන්ට අද්විතීය සහ නවීන සාප්පු සවාරි අත්දැකීමක් සපයන ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද අංක 445, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටි Phoenix සමාගමේ විශාලම ප්‍රදර්ශනාගාරය දෙසැම්බර් 12 වැනි දා යලි විවෘත කරන ලදී. එම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක විහිදී ඇති Phoenix නිෂ්පාදන පිරික්සීමට අමතරව සුවපහසු ජීවන රටාවක් පිළිබඳව බොහෝ දෑ ඉගෙනීමටද මඟ සැළසේ. මෙම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන ඕනෑම අයෙකුට Phoenix නිෂ්පාදන තමන්ගේ ජීවිතයට ඒකාබද්ධ කර ගත හැකි ආකාරය හොඳින් දැක ගත හැකිය. ඉතා සුවපහසු විසිත්ත කාමරයක සිට හොඳින් සැළසුම් කළ ගබඩා අවකාශයක් දක්වා ඇති සැකසුම් නරඹා Phoenix නිෂ්පාදන තමන්ගේ අවකාශය නැවුම් වෙනසකට ලක් කරන අයුරු අවබෝධ කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙන ආකාරයෙන් මෙම ප්‍රදර්ශනාගාරය සැළසුම් කර ඇත.

Phoenix සිය පාරිභෝගිකයන්ට ඔවුන්ට රිසි සේ එහි ඇති නිෂ්පාදන මිල දී ගැනීම සඳහා අවස්ථාව සළසමින් ස්වයං මිල දී ගැනීමේ පහසුකම හඳුන්වා දීමද සුවිශේෂ කරුණකි. නවීන ලෝකය සහ ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීම් සමඟ යමින් සිය මිල දී ගැනීම් පිළිබඳ පාලනය පාරිභෝගිකයන්ට දීම සඳහා මෙම පෙරළිකාර හඳුන්වා දීම හේතු වනු ඇත. මෙම නව අත්දැකීම තවත් ආකර්ෂණීය කරමින් Phoenix සහ Giga Foods සහයෝගීතාවකට එළඹ තිබේ. එම ආපනශාලාවෙන් Indian Affair, Full’r Burgers සහ Solo Bowl වැනි සන්නාම රැසකට අයත් ආහාරපාන මිල දී ගැනීමට හැකිය. නව ප්‍රදර්ශනාගාරයට පැමිණ සිය නිෂ්පාදන පිරික්සන්නට පාරිභෝගිකයන්ට ඇරියුම් කරන Phoenix සමාගම ඉදිරියේදී වට්ටම් රැසක් හඳුන්වා දීමට නියමිතය. සිය ජීවිතය වඩාත් සුවපහසු, හැඩකාර සහ සංවිධිත එකක් බවට පරිවර්තනය කර ගැනීමට වැලිසර පිහිටි Phoenix ප්‍රදර්ශනාගාරයට පැමිණ වෙනස වටහා ගන්නා ලෙස Phoenix සමාගම පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. 0773124745 දුරකථන අංකය සහ www.phoenix.lk වෙබ් අඩවිය ඔස්සේ වැඩි විස්තර ගැනීමට හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව