පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම් පිරිනමමින්, දේශීය අලෙවිකරුවන් දිරිගන්වමින් Daraz 11.11 ඇරඹේ

11.11 KV LK (LBN)

(2024 නොවැම්බර් 12, කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත්-වාණිජ (e-commerce) සේවාව වන Daraz වාර්ෂිකව ක්‍රියාත්මක කරන දැවැන්තම ප්‍රවර්ධන හා අලෙවි වැඩසටහන වන ‘11.11’ මේ වනවිට නිල වශයෙන් ආරම්භ වී තිබේ. ‘වසරේ දැවැන්තම සේල් එක’ ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන නොවැම්බර් මස 17 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත. දැවැන්ත වට්ටම් සහ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියකින් සමන්විත Daraz 11.11 සැණකෙළිය යනු පාරිභෝගිකයන්ට වසරේ අඩුම මිලට භාණ්ඩ වර්ග රාශියක් මිලදී ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. තවද මෙමගින් රු. මිලියන 150 කට අධික වටිනාකමකින් යුත් වවුචර හිමිකර ගැනීමටද හැකියාව ලැබෙන අතර, ඒ නිසාම මෙය මුදල් ඉතිරි කරගැනීමට කැමති කවුරුත් පාහේ ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටින මාර්ගගත සාප්පු සවාරි අත්දැකීමක් බවට පත් වී ඇත.
 



 
මෙම වසරේදීම Daraz වෙතින් මිලදී ගත හැකි භාණ්ඩ වර්ග මිලියන ගණනක් සඳහා 90% ක් දක්වා වට්ටම් හිමි වේ. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඇඟලුම් හා විලාසිතා, සෞඛ්‍ය හා රූපලාවණ්‍ය සහ එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග රාශියක් සඳහා මෙම වට්ටම් අදාළ වේ.  Fonterra, Mead Johnson Nutrition, Unilever, Diamond Best Foods, Cetaphil, Marvel, Baseus, DIMO Retail, Mobil, Celcius, GSK, Janet, Promate සහ Reckitt වැනි සුප්‍රකට සන්නාම යටතේ වෙළඳපොළට පැමිණෙන භාණ්ඩ වර්ග රැසකට 11.11 වැඩසටහනේදී වට්ටම් හිමි වන නිසා මෙය පාරිභෝගිකයන් සියලුම දෙනාගේ අපේක්ෂාවන් සපුරාලන ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස හැඳින්විය හැක.  මෙමගින් එදිනෙදා භාවිතා කරන භාණ්ඩවල සිට මිල අධික ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා අතිශය පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ වර්ග රාශියක් නොසිතූ විරූ මිලගණන් යටතේ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

තවද පාරිභෝගිකයන්ට අමතර ප්‍රතිලාභ පිරිනැමීමේ අරමුණින් Daraz විසින් භාණ්ඩ ගෙනැවිත් භාරදීමේ ගාස්තුව කපාහැරීමට (Free delivery) සහ, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, HSBC, යූනියන් බැංකුව, මහජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස්, Frimi, Genie, යූනියන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, LOLC Finance, PABC බැංකුව සහ NDB බැංකුව වැනි ගෙවීම් සේවා සම්පාදක ආයතන 15 කට වැඩි සංඛ්‍යාවක් සමග එක් වී 20% ක් දක්වා අමතර වට්ටම් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.

පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් තිළිණ කරන අතරම ඔවුන්ට වාසි හිමිකර දීම සඳහාම සැලසුම් කළ විශේෂාංග රැසක්ද Daraz වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. උදාහරණයක් තුළ Voucher Collection Center තුළින් Voucher Max වැනි විශේෂ වවුචර් ලබාගත හැකි අතර, එමගින් පාරිභෝගිකයන්ට මෙම ප්‍රවර්ධන වැඩසටහන පුරාවටම ඉතුරුම් හිමිකර ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම Flash Sales මගින් ජනප්‍රිය භාණ්ඩ වර්ග රැසකට සීමිත කාලයක් සඳහා 90% ක් තරම් සුවිශාල වට්ටම් හිමිකර ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත. මෙමගින් ඔවුන්ට අදාළ භාණ්ඩ තොග අවසන් වීමට පෙර ඉතා අඩු මිලගණන් යටතේ ඒවා මිලදී ගැනීමට හැකි වේ. New Arrivals අංශය තුළදී අලුතින් හඳුන්වා දෙනු ලබන භාණ්ඩ වර්ග රාශියක් පරීක්ෂා කළ හැකි අතර, Any 3, Hot Deals සහ Buy More, Save More වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන් භාණ්ඩ වර්ග කිහිපයක් මිලදී ගැනීමේදී වැඩි ඉතුරුම් හිමි වේ. එමෙන්ම නිතර Daraz වෙත පිවිසීම වැනි ක්‍රම මගින් Daraz Coins උපයා ගැනීමටද පාරිභෝගිකයන්ට හැකි වන අතර, පසුව අතිරේක වට්ටම් හිමිකර ගැනීම සඳහා මෙම Daraz Coins භාවිතා කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.

“වසරේ විශාලතම සාප්පු සවාරි අත්දැකීම ඔස්සේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට උපරිම පහසුවක් සහ වාසි රැසක් අත්කර දීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම 11.11 වැඩසටහන මගින් මැනැවින් නිරූපණය වනවා. පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම් ලබාදීම සහ දේශීය අලෙවිකරුවන්ට සුවිශාල අලෙවියක් වාර්තා කරගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අප මේ සිදුකරන්නේ, කාටත් ප්‍රතිලාභ හිමි වන මේ විද්‍යුත් වාණිජ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමයි. සියලුම දෙනා වෙනුවෙන් මෙවැනි කිසි දා අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ එශාන් සායා මහතා පැවසී ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව