ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශමීන්ද්‍ර මර්සිලීන් මහතා දැනුම් දී ඇත

Peoples-leasing

2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තුළ තමන් දැනට දරන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශමීන්ද්‍ර මර්සිලීන් මහතා දැනුම් දී ඇත. තම වෘත්තීය ජීවිතය සම්බන්ධ අනාගත ඉලක්ක ඉටුකර ගැනීමේ අරමුණින් ඒ මහතා මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ඉල්ලා අස්වීම සමාගමේ නාමයෝජනා සහ පාලන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබේ.

 



 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශමීන්ද්‍ර මර්සිලීන් මහතාගේ ඉල්ලා අස්වීම කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම් දී ඇත.

ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරට පත්වූයේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ය.

සමාගමේ ශක්තිමත් පදනම ඔස්සේ එහි වර්ධන න්‍යාය පත්‍රය අනුව එය අනාගත දියුණුව වෙත රැගෙන යාමේ මෙහෙවරට නායකත්වය දීම සඳහා සුදුස්සෙකු හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නුදුරේදී ආරම්භ කරනු ඇත.

දුෂ්කර කාලසීමාවන් තුළ PLC සමාගමට ලබාදුන් ශක්තිමත් නායකත්වය වෙනුවෙන් අප ශමීන්ද්‍ර මර්සිලීන් මහතාට අපගේ ස්තූතිය පළකරන අතර, ඔහුගේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉටු වේවායි සුභ ප්‍රාර්ථනා කරන්නෙමු.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව