ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

Prime Premier Collage (LBN)

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience initiative) අගෝස්තු 22 වන දින විවෘත කළේය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සමාගමක් විසින් මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

අංක 226, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 යන ස්ථානයේ ‘Prime Premier’ මධ්‍යස්ථානය පිහිටා තිබේ. ප්‍රයිම් සමූහයේ සම-සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් මෙය විවෘත කරන ලද අතර, සමාගමේ නියෝජිතයන් සහ ආරාධිතයන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ. ප්‍රයිම් සමූහයේ 30 වන සංවත්සර සැමරුම් මාලාවේ එක් අදියරක් වන මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදු වන ආකාරය මුළුමනින්ම වෙනස් කරනු නිසැකය.

 



 

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ගනුදෙනු කිරීමේදී පහසුව, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වැනි ගුණාංග අතිශයින් වැදගත්ය. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන්ට සුහදශීලී සේවාවක් ලබාදෙන අතරම ප්‍රයිම් සමූහය සහ පාරිභෝගිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි.

“’Prime Premier’ විවෘත කිරීම අපගේ දශක තුනක ගමන් මග තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රයිම් සමූහය තම පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකම කෙතරම්ද යන්න මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් වේවි. අප කවදත් සාම්ප්‍රදායික දේපළ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සැබෑ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළා. ‘Prime Premier’ යනු එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.

සාම්ප්‍රදායික කාර්යාලවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස, පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙමින් සැලසුම් කර ඇති ‘Prime Premier’ මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ට හිමි වනුයේ ඔවුන් ඊට පෙර කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමකි. ‘Prime Premier’ වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතාමත් සැහැල්ලුවෙන් යුතුව තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය නවීනතම පහසුකම්වලින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවයෙහි යෙදී සිටිති.

‘Prime Premier’ යනු වර්තමානයේ බෙහෙවින් තරගකාරී වී ඇති සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටීම සඳහා ප්‍රයිම් සමූහය විසින් සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි ආයෝජන තුළින් ක්ෂේත්‍රයට ආදර්ශයක් ලබාදෙන අතරම තරගකාරීත්වය තුළ ඉදිරියෙන්ම සිටීමට තමන්ට හැකි වනු ඇතැයි ප්‍රයිම් සමූහය විශ්වාස කරයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව