ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් CMO Asia සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි

Prime Logo

පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර Taj Lands End හිදී පැවැත්වුණු ‘Business Leader of the Year’ සම්මාන උළෙලේදී ‘දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී’ සම්මානය හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ CMO Asia විසිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට නායකත්වය සහ එම ක්ෂේත්‍රය තුළ ඉටු කළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් රුමින්ද රන්දෙණිය මහතා වෙත මෙම සම්මානය හිමි විය.



දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ වසර 25 කට අධික පළපුරුද්දක් හිමි රුමින්ද රන්දෙණිය මහතා එම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. ඔහු ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ විධායක නිලධාරී තනතුරට අමතරව එම සමූහයට අයත් Bhoomi Realty Holdings, Regent Caterers සහ Regent Country Club ඇතුළු සමාගම් කිහිපයක විධායක අධ්‍යක්ෂ තනතුරුද දරන අතර, දූරදර්ශී දැක්ම සහ ව්‍යාපාරික ඥානය ඔස්සේ එම සමාගම්වල උන්නතිය උදෙසා කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කර ඇත.

මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සහ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ මෙය ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ විශිෂ්ට නායකත්ව ගුණාංග වෙනුවෙන් මෙන්ම, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහය විසින් පෙන්නුම් කරන ලද සාමූහික කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් වන බවයි. රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමටත්, සෑම විටම පාරිභෝගික තෘප්තිය සහතික කරමින් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමටත් සමත් වී ඇති බවත් ඔවුහු පැවසූහ.

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම තුළ රුමින්ද රන්දෙණිය මහතාගේ නායකත්වය යටතේ අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණයක් වන්නේ පෙරළිකාරී 1% පහසු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමයි. මෙම පහසු ගෙවීමේ ක්‍රමය නිසා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට හැකි වී තිබේ. එමෙන්ම මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට දේපළ වෙළඳාම් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමටද රුමින්ද රන්දෙණිය මහතා පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී. ඒ මහතාගේ නායකත්වය යටතේ දිගින් දිගටම මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අංක එක ස්ථානය රැකගැනීමට මෙන්ම, වෙළඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට නවතම සේවා රැසක් හඳුන්වා දීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකියාව ලැබිණි.

CMO Asia මගින් සංවිධානය කරනු ලබන ‘Business Leader of the Year Award’ සම්මාන උළෙලට ලොව ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛ පෙළේ වෘත්තිකයෝ සහභාගී වෙති. ව්‍යාපාර නායකයන් විසින් පෙන්නුම් කරන ලද විශිෂ්ට නායකත්ව ගුණාංග, නව්‍ය ව්‍යාපාරික ක්‍රමෝපායන් සහ තම ක්ෂේත්‍රවල උන්නතිය උදෙසා ඔවුන් විසින් දක්වන ලද විශිෂ්ටතම දායකත්වයන් යනාදිය මෙහිදී ඇගයීමට ලක් වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව