
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය ප්‍රමිතීන් මත පදනම්ව ඉදිකරන ලද විනෝදජනක උද්‍යානය පර්ල් බේ (Pearl Bay). අක්කර 23 ක් පුරා විහිදී ඇති විවිධ ක්‍රියාකාරකම් කලාපයන් නිසා ආයතනික සහ පවුලේ විනෝද චාරිකා සඳහා ඉතා ජනප්‍රිය වී ඇත. එය විනෝදය සහ උද්යෝගය තුළින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක් ලෙස කීර්තියක් දිනාගෙන සිටියි.
ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂ, ග්‍රිබ්සන් හපුකොටුව සදහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර වීමත් සමග ජනතාවගේ ජීවන තත්වය වසංගතයට පෙර මට්ටමට යළිත් ගෙන ඒමට සමාගම උත්සහ කරයි. විවේකය සහ විනෝදය සඳහා ආකර්ෂණීය ස්ථාන සොයන පිරිස් වැඩි වී ඇති අතර, පර්ල් බේ (Pearl Bay) මේ වනවිට සියලු දෙනා සඳහා ම විනෝදාත්මක අත්දැකීම් ලබාදෙන නවතම තේරීම බවට පත්ව ඇත.
පර්ල් බේ ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයට අයත් ඩේවිඩ් පීරිස් රේසින් ඇන්ඩ් ලෙෂර් (පුද්ගලික) සමාගම සහ ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) සමාගමේ හිමිකාරිත්වය සහිතය. දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නව ඇති පර්ල් බේ වෙත කොලඹ සිට විනාඩි 30 කින් ළගා විය හැකිය. නවීන ජල ක්‍රීඩා අත්දැකීම් ලබාදෙන ස්පෑෂ් බේ (Splash Bay), වායු රයිෆල් මගින් වෙඩි තැබීමේ අත්දැකීම් ලබාදෙන ටාර්ගට් බේ (Target Bay), ඉලක්කයට දුන්නෙන් විදීමේ අත්දැකීම් ලබාදෙන ඇරෝ බේ (Arrow Bay) යන අත්දැකීම් විනෝදය සඳහා පැමිණෙන්නන්ට ලබාදෙයි. යම් බේ (Yum Bay) මගින් රසවත් ආහාර පාන ලබාගත හැකිය. මෑතකදී හදුන්වාදෙන ලද වෙල්නස් බේ (Wellness Bay) හිදී (Garra Rufa Fish) (Doctor Fish – Therapy) ලබාගත හැක.
පර්ල් බේ හි නවීන ජල ක්‍රීඩා අත්දැකීම් ලබාදෙන ස්පෑෂ් බේ (Splash Bay), එය විවිධ ජල ක්‍රීඩා දහසයකින් සමන්විතය. තත්පර හයක් තුළ මීටර් අසූඅටක් පහළට ඇදෙන ග්රැවිටි ස්ලයිඩර් ( Gravity Slider) මීටර් එකසිය විස්සක් පහළට ඇදෙන ලූප්හෝප් ( Loophope Slider) සහ මීටර් හතලිහක් පහළට ඇදෙන මැට් රේසර් ස්ලයිඩර් (Mat Racer Slider) ප්‍රධාන වේ. කුඩා දරුවන් සඳහා මෙම උපාංග සහිත ළමා කලාපයක් ද සකසා ඇත.
විනෝදාස්වාදය විඳගැනීමට පැමිණෙන ජනතාවගේ ගමන්මළු ආරක්ෂිතව තබා යෑමට වෙනමම ස්ථානයක් මෙන්ම, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා නොවන පරිදි වෙන් වෙන් වශයෙන් සකසන ලද නාන ස්ථාන(Shower Cubicles), ඇදුම් මාරුකර ගැනීම සඳහා කාමර පහසුකම් (Changing Rooms) මෙහි ස්ථාපිත කොට ඇත. පුද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම්, ආගන්තුක සේවා, සිල්ලර වෙළදසැල් සහ රෝද පුටු භාවිතා කරන්නන් සඳහා පහසු ප්‍රවේශයන් ද ඇත. පෞද්ගලික උත්සව සඳහා පිටතින් (BYOB) ගෙන ඒමට පහසුකම් ලබාදීම විශේෂත්වයකි.
පර්ල් බේ හි ටයිටින් අවන්හල (Titan) තුළ එකවර පුද්ගලයන් 300 දෙනෙකුට ආහාර ගැනීමට පහසුකම් සලසා ඇත. (Short Eats, Burgers, Set Menu, Pasta, Cakes) ඇතුළු පුලුල් පරාසයක ආහාරපාන මෙහි දී ලබාගත හැකි අතර, සියලුම ආහාර හලාල් සහතික කර ඇති අතර ම සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යයි.
පර්ල් බේ හි විධායක අධ්‍යක්ෂ ග්‍රිබ්සන් හපුකොටුව සදහන් කරන පරිදි අමුත්තන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදී ඇත. ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව දෛනික පරීක්ෂණ සහ නඩත්තු කටයුතු සිදු කරන බව ඔහු පවසයි. උද්‍යානයේ ඇති උපාංග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉන්දියාවේ Arihant Industrial Corporation Limited සමාගම විසින් නිෂ්පාදනය කර සවිකර ඇත. මේ ආකාරයෙන් පර්ල් බේ ජාත්‍යන්තර ආරක්ෂක සහ ගුණාත්මක ප්‍රමිතියෙන් පවත්වාගෙන යයි.
පර්ල් බේ වෙත පැමිණෙන අමුත්තන්ට (General), (Combo) යන ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර වසරක් සඳහා වලංගු වාර්ෂික ප්‍රවේශ පත්‍ර ( Annual Passes) ද මිළදී ගත හැකිය. වාර්ෂික අවසර පත්‍ර සඳහා සුවිශේෂී වට්ටම් ලබාදෙයි. ආයතනික උත්සව සඳහා උද්‍යානය වෙන් කරවා ගතහැක. එහිදී 3500 කට පමණ සුවපහසුවෙන් විනෝද විය හැකි අවස්ථාව සලසා ඇත. ජීවිත ආරක්ෂක නිළධාරීන්ගේ සිට ආගන්තුක සත්කාරක සේවය දක්වා වෘත්තිකයන් 100 කට වඩා පර්ල් බේහි සේවය කරයි. ඔවුන් සිය උපරිමයෙන් ම පැමිණෙන්නට අමතක නොවන විනෝදජනක අත්දැකීම් ලබා දීමට කැපවී සිටියි. ඒ සඳහා හැමවිටම අපි සූදානමින් සිටින බව ද විධායක අධ්‍යක්ෂ, ග්‍රිබ්සන් හපුකොටුව සදහන් කරන්නේ මහත් අභිමානයෙනි.


