නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 23 දා කොළඹදී

one-3 (1) (LBN)

‘නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024‘ මෙම මස 23 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 සංවිධාන කරනු ලබන්නේ මෙරට ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා කාර්ය උපාය,ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය   (SLFFA)  විසිනි.
 



 

එම ක්ෂේත්‍රය තුළ ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණ ගෞරවයට පාත්‍ර කිරීමට අමතරව ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන්නන් පිළිගැනීමට ලක් කිරීමේ සහ ඇගැයීම ද මෙම සම්මාන උළෙල තුළින් සිදු කෙරේ. මෙහිදී ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ සම්මාන සමඟ ප්‍රධාන කාණ්ඩ 10ක් තුළින් සම්මාන 40කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කෙරේ.

භාණ්ඩ ප්‍රවාහනය, ගුවන් සේවා, සමුද්‍ර භාණ්ඩ ප්‍රවාහනය, කුරියර් සමාගම්, ප්‍රවාහන සැපයුම්කරුවන්, කන්ටේනර් ඩිපෝ, මෘදුකාංග සැපැයුම්කරුවන්, ව්‍යාපෘති ලොජිස්ටික්ස්, රේගු තැරැව්කරුවන් සහ සැපයුම්ජාල කළමනාකරණයේ විප්ලවීය වෙනසක් සිදු කළ ගබඩා සහ බෙදාහැරීම ඇතුළු පුළුල් පරාසයකට විහිදුණු ක්ෂේත්‍රයන් මෙම සම්මාන ලැබීමේ කාණ්ඩවලට ඇතුළත්ය.

වරාය හා නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ කවුන්සිලය සහ  CINEC Campus අධ්‍යාපන ආයතනය වැනි සංවිධාන හා ආයතන 28කට නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 සඳහා අනුමැතිය ලැබී තිබේ.

ප්‍රධාන අනුග්‍රාහක ලෙස CL Synergy පුද්ගලික සමාගම විසින් නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 බලගන්වනු ලබන අතර, Aitken Spence Maritime, Freight & Integrated Logistic සහ Hayleys Advantis රන් අනුග්‍රාහකයන් ලෙස එක්වී සිටිති. මීට අමතරව Expolanka Freight පුද්ගලික සමාගම, Scanwell Logistics Colombo පුද්ගලික සමාගම සහ Transwing Logistics පුද්ගලික සමාගම ලෝකඩ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.

මහජන, ආයතනික සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සාමාජිකයන් මෙන්ම ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ සුප්‍රකට පුද්ගලයන් ඇතුළු කීර්තිමත් විනිසුරු මණ්ඩලයක් විසින් සම්මාන සඳහා වන අයැදුම්පත් ඇගැයීම සහ ශ්‍රේණිගත කිරීම් සිදු කරති. මෙහිදී CINEC Campus හි කළමනාකරණ හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති ප්‍රධානි මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විනිසුරු මණ්ඩලය විසින් ලොජිස්ටික්ස් කාර්ය සාධන දර්ශකය වැනි ඇගැයීම් නිර්නායකවලට අමතරව නිපුණත්වය, සේවා ගුණාත්මකභාවය, ක්ෂේත්‍ර කාර්යක්ෂමතාව සහ කාලානුරූපිව සේවා සැපැයීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

මෙහිදී අදහස් පළ කළ National Logistic Awards (NLA) ව්‍යාපෘතියේ සභාපති සුජාන් මාලවන කියා සිටියේ ‘ශ්‍රී ලංකාවේ පිළිගැනීමකට ලක්වූ ප්‍රමුඛතම වේදිකාව වන මෙම කීර්තිමත් සම්මාන උළෙලේදී ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන්  සමරනු ලබන බවය. සිය ප්‍රවීණත්වය සහ කැපවීම වෙනුවෙන් ගෞරවනීය විනිසුරු මණ්ඩලයටත්, මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීමට සහාය දක්වන ත්‍යාගශීලී අනුග්‍රාහක බවතුන්ටත් තම හෘදයාංගම ස්තූතිය පුද කරන බව ද ඔහු කියා සිටියේය. මෙම සම්මාන උළෙල පැවැත්වීමෙන් ජයග්‍රාහකයන් ගෞරවයට පාත්‍ර කිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයේ දීප්තිමත් අනාගතයකට මං විවර කිරීමක් ද සිදු කරන බව ඔහු කීවේය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව