නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) , ස්ථාවරත්වය, අනාගතය පිළිබඳ විශිෂ්ටත්වය සමගින් සිය දසවන වසරට පියවර තබයි

nchs new (LBN)



 

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය අධ්‍යාපන සේවා වෙනුවෙන් වූ කැපවීම තහවුරු කරමින් දසවන වසර වෙත පිය නගමින් සිටී. 2014 වසරේදී ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්වින්බර්න් තාක්ෂණික සරසවිය සමග සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, වර්ධනය සහ වඩාත් පැහැදිලි අනාගතයක් මෙරට සිසුසිසුවියන්ට ලබා දීම උදෙසා ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක යෙදුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මකව නව මානයකට රැගෙන යෑමට අනුපමය දායකත්වයක් ලබා දුන් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය සමගින් තිබූ සහසම්බන්ධය යලිත් තහවුරු කිරීම තුළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනික මෙහෙවර සහ නව්‍යතාව ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ආයතන විසින් ද තහවුරු කර ඇති බව සනාථ වෙයි. දශකයක අත්දැකීම් සමගින් ඉදිරියේදීත් මෙරට උසස් අධ්‍යාපනය ශක්තිමත් වෙමින් එහි ගාමක බලවේගයක් බවට පත්වීමට නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සැලසුම් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අනාගත අධ්‍යාපන කටයුතු පිළිබඳ උපකුලපති බ්‍රොන්ටේ නේලන්ඩ් “ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සමගින් පවත්වාගෙන යන දිගු කාලීන සහ සම්බන්ධය මෙම අධ්‍යාපන ආයතන දෙකටම අතිශය වැදගත් සහ ඵලදායී බව මගේ අදහසයි. ඒමෙන්ම ශ්‍රී ලංකාවේ කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනික සේවා ලබාදීම අරඹා 2024 වසර වන විට දස වසරක් සපුරාලන බැවින් ඉදිරි අනාගතයේදීත් වඩාත් ඵලදායී සබඳතාවක් පවත්වාගෙන යෑම අපගේ අරමුණයි” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණෙහි ආරම්භයේ සිටම රැඳිසිටි නවලෝක උසස් අධ්‍යාපන ආයතනය එම ඉලක්කය ජය ගැනීම සඳහා ලෝකයේ දියුණු රටවල භාවිතා වන අධ්‍යාපන ක්ෂේත්‍රයේ .=ණාත්මක උපමානයන් මෙරට උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දීමට පියවර ගනු ලැබීය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙලියාවේ ලොව පිළිගත් තවත් විශ්වවිද්‍යාල රැසක් වෙත ප්‍රවේශවීමේ පහසුව ලබා දී ඇත.

මීට ඉහතදී කොළඹ හා ඒ අවට පළාත්වලට පමණක් සීමාව නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ නුවර ශාඛාව විවෘත කිරීමත් සමග නුවර සහ ඒ අවට ග්‍රමීයව වෙසෙන සිසුසිසුවියන් විශාල සංඛ්‍යාවකට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනක් ලබා ගැනීමට ඇති අවස්ථාව සහතික කරවනු ලැබීය.

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක වූ දුල්යානා සුලුදාගොඩ දැනට නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ උපාධිය හදාරන උපාධි අපේක්ෂිකාවකa ලෙස අධ්‍යාපනය හදාරන අතර ඇය මෙලෙස අදහස් දැක්වූවාය “ මම නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සමගින් ඒක් වූයේ මෙහි පවත්වනු ලබන පාඨමාලාවන් ඉදිරි අනාගතයට සරිලන ලෙස සකස් වී ඇති නිසයි. මගේ වැඩිදුර අධ්‍යාපනය ඇමරිකා ඒක්සත් ජනපදයේදී සිදු කිරීම මාගේ සිහිනය වී තිබෙනවා. tබැවින් ඉදිරි වසරේ දී ගිම්හාන අධ්‍යන කාලසීමාව සඳහා ඇමරිකා ඒක්සත් ජනපදයේ උතුරු ඇලබාමා විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමට මම අපේක්ෂාවෙන් සිටිනවා. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂ වන්නේ ඒහි පාඨමාලාවන්ගේ නම්‍යශිලී බව සහ ඒම ආයතනය මගින් සිසුන් වෙත ලබා දෙන සහයෝගයයි. මෙය මා විශේෂයෙන් සඳහන් කරන්නේ මම දැනට ජාතික මට්ටමේ සිටින ක්‍රීඩිකාවක් වන බැවින් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය මගේ අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබරව කර ගෙන යෑම සඳහා මාවෙත දක්වන සහයෝගයට මාගේ හද පිරි කෘතඥතාව පුද කරනවා” . නවලෝක උසස් අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන සහ විIය බාහිර කටයුතු සඳහා ලබා දෙන සහයෝගය ඇයගේ අදහස් දැක්වීම තුලින් ද සනාථ වෙයි.

සිය දසවන වසර සමරන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමට සමත් වූ අතර අනාගතයේදී මෙරට උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ අභිවෘද්ධිය සඳහා තවත් බොහෝ දේ දායාද කරනු ඇත. මෙතෙක් පැමිණි ගමන් මග යලි ආවර්ජනය කරන විට ආයතනය සතු දැඩි කැපවීම, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ දැඩි අධිෂ්ඨානයකින් යුතුව විශිෂ්ටත්වය කරා ගමන් කිරීම යන ගුණාංගයන් දැකිය හැක. නවලෝක උසස් අධ්‍යාපන ආයතනය මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බවේ නව මංසලකුණු තබමින් අනාගත ලෝකය සඳහා නූතන නායකයින් බිහිකරනු ඇත.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව