නයින්වෙල්ස් රෝහල එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UNGC) සමඟින් එක්වේ

IMG_0698 Ninewells edit 22 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ මෙන්ම මෙරට කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන නයින්වෙල්ස් රෝහල, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (United Nations Global Compact – UNGC) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගෝලීය වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල නයින්වෙල්ස් වන අතර, එය වගකීම්සහගත ව්‍යාපාරකරණය, තිරසාරත්වය සහ ආචාරධාර්මික සෞඛ්‍ය සේවා සම්පාදනය සම්බන්ධයෙන් නයින්වෙල්ස් රෝහල දක්වන උනන්දුව හා කැපවීම යළිත් තහවුරු කරයි.

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UNGC) යනු තිරසාර සහ සමාජයීය වශයෙන් වගකීම්සහගත ක්‍රමවේදයන් භාවිතයට ගැනීමට ලොව පුරා ව්‍යාපාර දිරිගන්වන ස්වේච්ඡා වැඩසටහනකි. මානව හිමිකම්, කම්කරු ප්‍රමිතීන් පරිසර සංරක්ෂණය සහ දූෂණ විරෝධි විධිවිධාන යනාදිය පදනම් කරගත් මූලධර්ම 10ක් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. සියලුම දෙනා වෙනුවෙන් වඩාත් ආචාරධාර්මික සහ සාධාරණ අනාගතයක් නිර්මාණය කිරිමට ගෝලීය ප්‍රජාවන් එකමුතු කිරීම UNGC වැඩසටහනේ පරමාර්ථයයි.

නයින්වෙල්ස් රෝහලට ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය සහ පාරිසරික භාරකාරත්වය යන ප්‍රධාන මූලධර්ම ඔස්සේ කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය ශක්තිමත් පදනමක් බවට පත්වනු ඇත.  UNGC වැඩසටහනට සමග එක්වීමත් සමග නයින්වෙල්ස් රෝහල ස්ත්‍රී පුරුෂ සමානත්වය තහවුරු කිරීම, මානව හිමිකම් හා කම්කරු ප්‍රමිතීන් උදෙසා වඩාත් පුළුල් ලෙස කැපවීම, දූෂණ විරෝධී විධිවිධාන තරකිරීම සහ තිරසාරත්ව වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගනු ඇත. එමෙන්ම එය ව්‍යාපාරයක් ලෙස සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පරිපූර්ණ හා තිරසාර ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරන අතරම, සමාජයේ අභිවෘද්ධිය සඳහා සක්‍රීයව දායක වෙමින්, වඩාත් සාධාරණ හා දයාන්විත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා කැපවීම දිරිගන්වයි.

“දශක දෙකක් තිස්සේ නයින්වෙල්ස් රෝහල මෙරටට ගුණාත්මක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් සැපයීමට සමත් වී තිබෙනවා. එම මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින්, ගෝලීය ප්‍රමිතීන් සහ ආචාරධාර්මික විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා UNGC වැඩසටහන සමග එක්වීමට අප තීරණය කළා. මෙම හවුල්කාරිත්වය, වගකීම සහ වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් විශේෂඥ සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධ අපගේ දැක්මේ ප්‍රතිමූර්තියක් ලෙස හැඳින්විය හැකියි.” නයින්වෙල්ස් රෝහලේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය විබාෂ් විජේරත්න මහතා පැවසී ය.

දීර්ඝ කාලයක පටන් මෙරට කාන්තාවන්, දරුවන් සහ පවුල් වෙනුවෙන් විශිෂ්ටතම මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පිරිනැමීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා සිටින නයින්වෙල්ස් රෝහල, මේ ආකාරයට UNGC වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල බවට පත්වීමේ ගෞරවයද හිමිකර ගැනීමට සමත් වී සිටී. ඉදිරිගාමී දැක්මක් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ අරමුණින් නයින්වෙල්ස් රෝහල ගත් මෙම තීරණය, වගකීම්සහගත බව හා තිරසාරත්වය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය සේවයට මනා ආදර්ශයක් වනු නො-අනුමාන ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව