දේශීය සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

Image 01 (LBN)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත.

2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළඳපොළවල් සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය සහ සංචාරක ආයතනය ඔවුන්ගේ කැපවීම අවධාරණය කරයි. දිවයිනේ ප්‍රධාන පෝෂක වෙළඳපොළවල් වෙත විනෝද චාරිකා සහ හුරුපුරුදු කරවීමේ චාරිකා සංවිධානය කිරීම වැනි ඒකාබද්ධ මුලපිරීම් හරහා එමිරේට්ස් සහ SLTPB විසින් බලාපොරොත්තු වන්නේ ගුවන් සේවයේ ගෝලීය ජාලය හරහා ගමනාන්තය ප්‍රදර්ශනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමයි.

මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් දරණ මෙවැනි ඒකාබද්ධ උත්සාහයන් දිවයිනට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වී ඇති අතර 2024 දී එසේ සංචාරකයින් මිලියන 2කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. 2024 අප්‍රේල් සිට 2025 මාර්තු දක්වා කාලය තුළදී එමිරේට්ස් ගුවන් සේවය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එහි ජාලය වටා ඇති ප්‍රධාන වෙළඳපොළවල් වලින් ශ්‍රී ලංකාවට ගුවන් මගීන් 240,000 කට අධික සංඛ්‍යාවකට ගුවන් ගමන් සේවා සපයා ඇත.

  



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව