
ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුමෙහි දස වැනි සංවත්සරය සමරන චින්ට් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වමින් එම අවස්ථාව සනිටුහන් කරනු ලැබීය. චින්ට් ඉලෙක්ට්‍රික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් හා චින්ට් ශ්‍රී ලංකා බෙදා හරින්නා වන, චින්ට් එනර්ජි කම්පැනි ලිමිටඩ් එක්ව සංවිධානය කළ මෙම උත්සවය, චින්ට් එනර්ජි හි සභාපති ෆහාම් නෝමන්, වින්ට් එන්ර්ජි කළමණාකාර අධ්යක්ෂ, කාමිල් හුසේන්, චින්ට් ඉලේක්ට්‍රොනික් සොලියුෂන් හි සභාපති ජුන් හු, ෂීජියෑන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි ලිමිටඩ් හි ආසියා පැසිෆික් අලෙවි අධ්යක්ෂ ටෙරන්ස් ඩින්ග්, ෂීජියෑන්ග් චින්ට් හි ආසියා පැසිෆික් අලෙවි කළමණාකාර මරිසා ෂියා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හා චින්ට් හි දීප ව්‍යාප්ත නියෝජිතයින් සහ බල ශක්ති ක්ෂේත්රයේ වෘත්තිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
රටේ මෑතක සිදු වුණු දේශපාලනමය වෙනස්කම් සමගින්, දිවයිනෙහි බල ශත්කි ඉල්ලුම ඉහළ යන සුබවාදී වර්ධනයක් කරා ගමන් කරවීමේ රජය සතු හැකියාව චින්ට් සමාගම විශ්වාස කරයි. “ලෝකය බල ගන්වන්න” යන චින්ට් සමාගමේ තේමා පාඨය සමගින්, ස්වකීය නූතන ක්‍රමවේද, අවකාශ, උපාංග හා සැලසුම් ප්‍රයෝජනයට ගනිමින්, නවීනතම බල ශක්ති විසඳුම් හඳුන්වා දී ශ්‍රී ලංකාව බල ගැන්වීමට චින්ට් සමාගම බලාපොරොත්තු වෙයි. 1984 පිහිටුවන ලද චින්ට් සමාගම මේ වන විට, වේගවත් වර්ධනයක් ලබා ගනිමින් රටවල් 140 කට වැඩි ප්‍රමාණයක, 30 000 කට අධික සේවක පිරිසකට රැකියා සපයමින් සුවිශේෂි ගෝලීය සලකුණක් සටහන් කර තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 10.5 ක වාර්ෂික අලෙවියක් සහිත චින්ට් සමාගම, ලැයිස්තුගත හොඳම ආසියානු සමාගම් පනහ අතරටත්,් හොඳම චීන පුද්ගලික සමාගම් සියය අතරටත් ඇතුළත් වී තිබේ.
බල ශක්ති ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන් හා පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත ව සංවත්සර උළෙල පැවැත්විණි. “ගෝලීය වර්ධන තත්ත්වය හා චින්ට් ව්‍යාපාර ආදර්ශය” මැයෙන් උළෙලෙහි ප්‍රධාන දේශනය ෂිජියැන්ග් චින්ට් ඉලෙක්ට්‍රොනික්ස් කම්පැනි ලිමිටඩ් හි චින්ට් බල ශක්ති සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ අලෙවි කළමණාකරු, ක්‍රිස්ටින් යැන්ග් විසින් පවත්වනු ලැබිණි. ෂිජියැන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි ලිමිටඩ් හි, ව්‍යාපාර අංශ විසඳුම් කළමණාකාර, සාරා සැන්ග්, ෂිජියැන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි ලිම්ටඩ් හි IEC තානාපති තාක්ෂණික අධ්යක්ෂ, ලිම් සේ ලියොන්ග්, ෂිජියැන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි ලිමිටඩ් හි ව්‍යාපාර අංශ විසඳුම්, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු, සියොන්ග් සැන්ග් එහිදී දෙසුම් පැවැත්වූහ. චින්ට් සමගින් දීර්ඝ කාලයක් සේවය කළ පිරිස හා චින්ට් හි ශ්‍රී ලංකා දැක්ම වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ බෙදාහරින්නෝ එහිදී සම්මානයෙන් පිදුම් ලැබුහ.
චින්ට් හි ප්‍රමුඛතම බෙදා හරින්නා ලෙසින් චින්ට් දැක්ම ශ්‍රී ලංකාව තුළ ඉදිරියට ගෙන යාමට චින්ට් එනර්ජි සමාගම කටයුතු කරයි. එම කාර්යය සපල කිරීමේ අරමුණින් යුතුව සමාගමේ දැක්ම සමස්ත ක්ෂේත්රය පිළිබඳව අතැමුලක් සේ දත් පිරිස සමගින් එක් කරන්නේ කෙසේද යන්න අවධාරණය කරමින්, දිවයිනෙහි බල ශක්ති අංශය පිළිබඳ හසල දැනුමක් ඇති පුමුඛ පෙළේ වෘත්තිකයින් හා විශේඥයින් ගණනාවක් සමගින් සමාගම ශක්තිමත් වී සිටියි.
චින්ට් එනර්ජි, ස්විච්, එම්.සී. සී බී, බ්‍රේකර්ස්, කන්ටැක්ටර්, සොකට්ස්, ස්ටාර්ටර්, ඉන්වර්ටර්,් මීටර්, ට්‍රාන්ස්ෆෝමර්, කැපෑසිටර්, ආදියද, සූර්ය බල ශක්ති උපාංග, කර්මාන්ත ආශ්රිත බල ශක්ති ඉතිරි කිරීමේ විසඳුම්, එල්. ඊ. ඩී. ආලෝකකරණයද තවත් බොහෝ දේද, ඇතුළත් චින්ට් නිෂ්පාදන සුවිශාල ප්‍රමාණයක එකතුවක් වෙළෙඳ පොළට ඉදිරිපත් කරයි. සෑම චින්ට් නිෂ්පාදනයක්ම, පාරිභෝගිකයින්ට විශිෂ්ට විදුලි උපාංග මාදිලි පෙළක ප්‍රයෝජනය අත්විඳිය හැකි ලෙසින් ඉතාමත් තරගකාරී මට්ටමෙන් නිම කළ නිෂ්පාදන වේ. බෙදා හැරීමේ ස්ථාන 25 ක් හරහා මෙන්ම සුවිශාල අලෙවි කණ්ඩායමක් හරහා චින්ට් නිෂ්පාදන දිවයින පුරාම මිලදී ගැනීමේ හැකියාව පවතී. චින්ට් නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථා උදා කිරීමේ අරමුණින් යුතු ප්රදර්ශනාගාර හරහා බහුතරයක් අතරට ප්‍රවේශ වීමේ අවස්ථාව ළඟා කර ගනිමින්, රට තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වීම සමාගමේ අරමුණයි. එම ව්‍යාප්තිය සලකුණු කරන සුවිශේෂී සන්ධිස්ථානයන්ගෙන් එකක් ලෙසින්, ඉදිරි සති කිහිපය ඇතුළත කොළඹ ‘චින්ට් එක්පීරියන්ස් සෙන්ටර් ̓විවෘත කිරීම සිදු කෙරේ.
“හොඳම කාර්යක්ෂම බල ශක්ති විසඳුම් සැපයීම අරමුණු කර ගත් චින්ට්, වේගයෙන් ව්‍යාප්ත වන ගෝලීය සමාගමක්. වසර 35 ක කාලයක් ඇතුළත, ලෝකයේ හතරවැනි හොඳම බලශක්ති විසඳුම් සපයන්නා බවටත් චීනයේ පළමු වැන්නා බවටත් පත් වෙමින්, ලොව ඉහළම ස්ථානයට ළඟා වී තිබෙනවා. ඔවුන්ගේ කැපී පෙනෙන කාර්යක්ෂමතා මට්ටම, පර්යේෂණ හා සංවර්ධනය සම්බන්ධයෙන් කැප වීම, තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන හා එක් කළ වටිනාකම් ගෝලීය වෙළෙඳ පොළෙහි ඉහළම තැන කරා ඔවුන්ව යොමු කර තිබෙනවා. දැන් අප අදහස් කර සිටින්නේ, කාර්යක්ෂම බලශක්ති විසඳුම් සම්බන්ධයෙන් චින්ට්, ශ්‍රි ලංකාවෙහි සුවිශේෂි සලකුණක් බවට පත් කිරීමටයි. පළමුවෙන්ම, කාර්යක්ෂම බල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් බලශක්ති පිරිවැය අවම කිරීම මගින්ද, දෙවැනුව, 2020 පළමු කාර්තුව වන විට චින්ට් නිෂ්පාදන එකලස් කිරීම ආරම්භ කරමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමත්, වසරේ අවසාන භාගය වන විට දකුණු ආසියානු වෙළෙඳ පොළට එම නිෂ්පාදන අපනයනය කිරීමත් මගින්ද, ශ්‍රී ලංකාව වෙත වටිනාකම් එකතු කිරීමට චින්ට් සමාගම බලාපොරොත්තු වනු ඇත.” චින්ට් එනර්ජි හි කළමණාකාර අධ්යක්ෂ, කාමිල් හුසේන් මහතා අදහස් දක්වමින් එලෙස සඳහන් කළේය.
ෂිජියැන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි හි ආසියා පැසිෆික් අලෙවි අධ්යක්ෂ, ටෙරන්ස් ඩින්ග් මහතා සඳහන් කළේ මෙවැන්නකි.
“කාර්යක්ෂම බල ශක්ති විසඳුම් ඉදිරිපත් කරමින්, බල ශක්ති අංශය ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකා රජයට අත්වැල සැපයීමට අප අදහස් කර සිටිනවා. අද වන විට අනෙක් ආසියානු රටවල් හා සැසඳීමේදී විදේශීය ආයෝජකයින් ඈත් කර තබන, ප්‍රධානතම ගැටලුවක් වන්නේ බලශක්ති පිරිවැය අධික වීමයි. බලශක්ති පිරිවැය අඩු වන විට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතන පිහිටුවීමට විදේශීය ආයෝජකයින් පෙළඹෙනවා. ගෝලීය වෙළෙඳ පොළ විවිධ ක්ෂේත්රයන් හරහා ඉතාමත් වේගයෙන් ආධිපත්‍යය පතුරන චීනයට සමගාමීව, චින්ට් හි ගෝලීය වර්ධනය දක්නට තිබෙනවා. විදුලි සංදේශ ක්ෂේත්රය හෝ අධිවේගී දුම්රිය සලකා බැලුවත්, චීනය ගෝලීය ශක්තිය බවට පත් වෙමින් තිබෙන ආකාරයත්, දැනුම, නව නිෂ්පාදනය හා තාක්ෂණය අතින් ලෝක වෙළෙඳ පොළේ ඉහළින්ම සිටි තරගකරුවන් පසු කර ගොස් තිබෙන ආකාරයත් දැක ගන්න පුළුවන් ”
බල ශක්ති සැපයීමේ, ගබඩා කිරීමේ, සම්ප්‍රේෂණය කිරීමේ, බෙදාහැරීමේ ක්‍රමවේද මෙන්ම භාවිතයට අදාළ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කිරීමේදී චින්ට් පිරිසිදු බල ශක්තිය, බල ශක්ති බෙදාහැරීම, සංකීර්ණ දත්ත සේම අනෙකුත් බලශක්ති සේවා ආදිය සම්බන්ධයෙන් ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් ඉටු කරයි. එසේම, චින්ට් හි අනෙකුත් ව්‍යාපාර අතරට, පොටෝ- වෝල්ටීය උපාංග, බල ශක්තිය ගබඩා කිරීමේ, බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ව්‍යාපාරද, අඩු- වොල්ටීයතාවෙන් යුතු උපකරණ, මොනිටර්, කීබෝඩ් ආදී උපාංග, මෘදුකාංග සංවර්ධන හා ස්වයංක්‍රීය යන්ත්‍ර පාලනය ආදිය ඇතුළත් වෙයි.
ගෝලීය පර්යේෂණ හා සංවර්ධන ක්‍රමවේද ප්රවර්ධනයෙහිලා ක්‍රියාකාරීව දායක වෙමින් සේම, තාක්ෂණික ආයතන 18 කින් හා යුරෝපයේද, උතුරු ඇමරිකාවේද, ආසියා පැසිෆික් කලාපයේද, විදේශිය R&D මධ්‍යස්ථාන 3 කින් සමන්විත, චින්ට් කණ්ඩායම් පර්යේෂණ ආයතනය පිහිටුවා ගනිමින්ද, කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය හා නවෝත්පාදන පාදක කර ගත් සංකල්ප පිළිබඳව සමාගම තදින්ම විශ්වාසය තබා සිටියි.