දරු දැරියන්ගේ නිසඟ හැකියාවන් විකසිත කිරීමේ තරගාවලියක් හා ආකර්ෂණීය තෑගි සමඟින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් හි දරුවන් ලෝක ළමා දිනය සමරයි

Image 01 (1)

 




 

 

ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) විසින් මෑතකදී සංවිධානය කරන ලද දරු දැරියන්ගේ නිසඟ හැකියාවන් විකසිත කිරීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට වයස අවුරුදු 5 ත් 18ත් අතර වයසේ පසුවන දරු දැරියන්ට අවස්ථාව උදා විය.

චිත‍්‍ර තරගයක් හා කුසලතා එළි දැක්වීමේ තරගාවලියක් තුළින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් හට අයත් වතුවල සේවය කරන සේවක සේවිකාවන්ගේ දරු දැරියන්ගේ අපූරු කුසලතා මෙහිදී ප‍්‍රදර්ශනය විය. වයස අවුරුදු 5 න් පහළ, 12 න් පහළ සහ 18 න් පහළ වන වයස් කාණ්ඩවල ජයග‍්‍රාහකයින් තිදෙනා හට ඔවුන් ප‍්‍රකට කළ දක්ෂතාවයන් උදෙසා කුසලානයක් හා ආකර්ෂණීය ත්‍යාග මෙහිදී පිරිනැමිණි.

ජයග‍්‍රාහක දරු දැරියන්ගේ අදාල ජයග‍්‍රාහී චිත‍්‍ර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නිල වෙබ්අඩවියේ ප‍්‍රදශනය කරන බැවින් ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ දක්ෂතා සමස්ත ලෝකයටම දැක ගතහැකි වනු ඇත.

මෙම තරගාවලිය සඳහා දරුවන්ගේ අපූරු කුසලතාවන් රැගත් චිත‍්‍ර පන්දහසකට වැඩි සංඛ්‍යාවක් හා වීඩියෝ 350ක් ඉදිරිපත් කර තිබීම විශේෂ සිදුවීමක් වූ අතර මීට සහභාගී වූ සෑම තරගකරුවෙකුටම සහභාගීත්වය උදෙසා විශේෂ කුසලතා සහතියක් පිරිනමන ලදී.

 

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව