දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව ඕඩන් ලෙෆිසන්ට ශූරිය රනිත්මා ලියනගේ

Ranithma Liyanage,

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් මේනකේ සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව රනිත්මා ලියනගේ දිනා ගත්තාය. ගාල්ල, දඩැල්ලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-12ක් සහ 21-11ක් ලෙස පරාජය කිරීමට ඕඩන් ලෙෆිසන් සමත් වූ අතර, කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-6ක් සහ 21-9ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.

 



 

ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් ලකුණු 21-19ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ සමත් වූ අතර, කාන්තා යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 13-21ක්, 21-12ක් සහ 21-16ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කළ අනුරංගි හංසමාලි මාස්කෝරාල සහ විදාරා සුහස්නි විදානගේ විසිනි. ලකුණු 21-16ක්, 14-21ක් සහ 21-17ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් දර්මසාපුට්‍ර මේනකේ පරාජය කළ ඕඩන් ලෙෆිසන් මේනකේ සහ රේණු චන්ද්‍රිකා මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ.

අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 25-23ක්, 19-21ක් සහ 21-13ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කළ ශෙනුක් සමරරත්න විසිනි. විවෘත කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ද සමත් වූයේ අවසන් තරගයේදී සිතුකි ඕනදී අබේගුණවර්ධන ලකුණු 21-6ක් සහ 21-11ක් ලෙස පරාජය කරමිනි.

විවෘත, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයෙන් තරග පැවැති දකුණු පළාත් සමස්ත  ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස Mcfoil, Mobil, GAC,  Li Ning සහ 3M  කටයුතු කළේය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව