කොළඹ, ශ්‍රී ලංකාව, නොවැම්බර් 2024 – තිලාන් විජේසිංහ මහතා (ආයෝජන බැංකුකරුවෙකු සහ TWC සමූහයේ හිමිකරු මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය – පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරකරණයේ පුරෝගාමියාද වෙයි) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස Mahindra Ideal Finance Limited (MIFL) සමාගම හා එක්වෙයි. MIFL සමාගම ඉන්දියාවේ Mahindra හා Mahindra Financial Services Ltd (Mahindra Finance) සහ ශ්‍රී ලංකාවේ Ideal Motors (අයිඩියල් මෝටර්ස්) යන සමාගම් ද්විත්වයේ ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම පත්කිරීම සමාගමේ දැනට ක්‍රියාත්මක ව්‍යාපාර වර්ධන උපායමාර්ගය හා සමපාත වෙමින් MIFL හි කළමනාකරණ අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත්කිරීමත් සමගම සිදුකිරීම විශේෂත්වයකි. මුෆාඩල් චූනියා මහතා මෙයට පෙර Mahindra සමූහයේ ජ්‍යෙෂ්ට තනතුරු කිහිපයක්ම හොබවා තිබෙන අතර 2024 ජූලි මස සිට නව තනතුරට පත්කර ඇත.මෙම නව නායකත්ව එක්කිරීම් හරහා නූතන මූල්‍ය විසදුම් පිරිනමමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සක්‍රීය භූමිකාවකට පණපෙවීම සදහා වන MIFL හි දැක්ම සුවිශේෂී පියවරකින් ඉදිරියට යනු නිසැකයි.
තිලාන් විජේසිංහ මහතා ආයෝජන බැංකුකරණයේ හා මූල්‍ය සේවාවන් හි අසමසම විශේෂඥතාවයකින් මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යාපාරික උපායමාර්ගයන් පිළිබද ගැඹුරු අවබෝධයකින් ද සමන්විත අයෙකි. හෙතෙම 2012 වසරේ දී TWC සමූහය ආරම්භ කිරීමට පෙර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද සේවය කොට අත්දැකීම් ලබා තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සමාගම් වන ඒෂියන් හොටේල්ස් ප්‍රොපටීස් PLC සහ ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් Ltd, ඕවර්සීස් රියල්ටි PLC යන ආයතනවල කළමනාකරණ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සංචාරක, විද්‍යුත් වාණිජ්‍ය හා මැණික් කැපීම යන ක්ෂේත්රවල පුරෝගාමී ව්‍යාපාර සදහා සම නිර්මාතෘත්වයත් දක්වා තිබේ. රාජ්‍ය අංශයේ දී ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය- පුද්ගලික හවුල්කාරීත්වය පිළිබද ජාතික ආයතනයේ හිටපු සභාපති ලෙසත් තිලාන් විජේසිංහ මහතා කටයුතු කොට ඇත.
නව පත්වීම පිළිබද අදහස් දක්වමින් තිලාන් විජේසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය. “Mahindra Ideal Finance සමග මේ මොහොතේදී සම්බන්ධ වන්නට ලැබීම විශාල ගෞරවයක්. විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 13ක වත්කම් පදනමක් සහිත ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Finance of India ආයතනය ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන මෙම සමාගමේ, වර්ධනයේ නව ගමනකට එක්වන්නට ලැබීම විශේෂත්වයක් ලෙස සදහන් කළ යුතුමයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පිබිදීමක් ලබාගන්නා මේ අවධියේ එහි කොටස්කරුවෙකු ලෙස නවීන මෙන්ම ඩිජිටල්කරණය වූ මූල්‍ය විසදුම් පිරිනැමීමට MIFL දක්වන දායකත්වය කෙරෙහි මගේ විශේෂ අවධානය යොමුවනවා.”