ත්‍රී සිංහ සමාගම ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

THREE SINHA

ත්‍රී සිංහ සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) ජයග්‍රාහකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී ත්‍රී සිංහ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ගුණාත්මකභාවය සහ නව්‍යකරණය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ඇගැයීමට ලක් වී තිබේ. පසුගිය කාලය පුරා දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලැබූ එම සමාගම මෑතකදී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achievers’ Awards සම්මාන උළෙලේදී රන් සහ රිදී සම්මාන ද්විත්වයක් දිනා ගත්තේය.

පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයන ත්‍රී සිංහ සමාගමේ නිෂ්පාදන අතර රෝලර් ඩෝ, ෂටර්, සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන තැනක් ගනී. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කෙරෙහිද අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ් සහ හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කරයි. ත්‍රී සිංහ සමාගමට අනුබද්ධිත IKLO Industries සමාගම නවීන තාක්ෂණය යොදා ගෙන උසස් තත්ත්වයේ පෙර සැකැසූ සහ ඉංජිනේරු වානේ ඉදි කිරීම් සිදු කරයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධියටද දායක වන එම සමාගම කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය වන නව ට්‍රැක්ටර් ට්‍රේලර් මාලාවක් හඳුන්වා දී ඇත. Ceypetco සහ IOC ප්‍රමිතිවලට අනුව ඩීසල් ගබඩා ටැංකි නිපදවන ත්‍රී සිංහ සමාගම එම සමාගම් දෙකේ ප්‍රධාන සැපැයුම්කරුවෙක්ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව