ඩීමෝ කෘෂි යාන්ත්‍රික අංශය, මහින්ද්‍රා ට්‍රැක්ටර් සමග අත්වැල් බැඳ ගනිමින් මුඩු බිම් අස්වැද්දීමේ ව්‍යාපෘතීන්ට සහය වෙයි

Mahendran-1

 

රටෙහි ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණ ඇතිව, ඩීමෝ හි කෘෂි තාක්ෂණික අංශය මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමග අත්වැල් බැඳ ගනිමින්, මුඩු බිම් අස්වැද්දීමේ ජාතික වැදගත්කමින් යුත් කර්තව්‍යය සඳහා සහය දැක්වීමට පෙරමුණ ගෙන තිබේ.

ස්වයංපෝෂිත ආර්ථික රටාව පෙරට ගෙන ඒමේ රජයේ ඉදිරි දැක්මට අනුව, වගා බිම් යළි අස්වැද්දීමේ අවශ්‍යතාවය හඳුනා ගැණුනු අතර, ඒ අනුව “වගා සෞභාග්‍යයා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. 2020 වගා සෞභාග්‍යයා වැඩසටහනේ ජාතික උළෙල, කෑගල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්විණි. මෙම ජාතික කර්තව්‍යයෙහි නිල යාන්ත්‍රික අනුග්‍රහකත්වය උසුලනු ලැබූ ඩීමෝ, බිම් සකස් කිරීම පිණිස මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් රථ සපයමින්, එකී ජාතික කර්තව්‍යයේ සමාරම්භය සනිටුහන් කරනු ලැබීය.

වගා බිම් යළි අස්වැද්දීමේ ජාතික වැඩසටහන මගින් සමාජ වගකීම පිළිබඳ ශ්‍රී ලාංකිකයින් දිරිගන්වනු ලැබුණු අතර,‍් රටේ තරුණ පරපුරද මෙම කටයුත්ත හා උරෙන් උර ගැටෙමින්, රට පුරා පුරන් වූ වගා බිම් යළි අස්වැද්දීමට කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයය. “Mr. Farmer” හි නිර්මාතෘ යුරේෂ් එරංග, එලෙස වගා බිම් යළි අස්වැද්දීමට කටයුතු කරන තරුණ පරපුරේ ගොවි මහතෙකි. ඔහු සිය වගා බිම්වල කාබනික වගා ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර, “Mr. Farmer” සන්නාමය යටතේ කාබනික සහල් නිෂ්පාදනය කිරීමද,‍් ඒවා වෙළෙඳ පොළට හඳුන්වා දීමද සිදු කරයි.

වගාව සඳහා බිම් සකස් කිරීමට මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් රථ සපයමින් මාලබේ අතහැර දමන ලද අක්කර 12 ක භූමි ප්‍රදේශයක් නැවත වගා කිරීමට ඩීමෝ දැනටමත් “Mr. Farmer” හා අත්වැල් බැඳ ගෙන තිබේ. සමාජ වගකීමක් සහිත සමාගමක් ලෙසින් තවදුරටත් පුරන් වූ බිම් අස්වැද්දීම සඳහා තාක්ෂණික උපදෙස්  සමගින් යාන්ත්‍රික සහය පිරිනමමින් ඔවුන්  දිරිමත් කිරීමටත් ඩීමෝ අපේක්ෂා කරයි.

“ශ්‍රී ලාංකීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ සුවිශාල හැකියාවක් කෘෂි කාර්මික අංශය සතුයි. අතහැර දැමුණු කුඹුරු නැවත වගා කර ප්‍රයෝජනයට ගනිමින් කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සම්පත් කළමණාකරණය වඩා හොඳින් සිදු කිරීම වැදගත් කාරණයක්. මෙවැනි කර්තව්‍යයක් සඳහා දායක වීමට ලැබීම ඩීමෝ ලබන වරප්‍රසාදයක් වශයෙන් සඳහන් කළ හැකියි.” ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ තරුණ පරපුර රට කෘෂි කාර්මික අතින් ස්වයං පෝෂණය කිරීමේ වෙනස කරා යොමු වෙද්දී, මහින්ද්‍රා සමාගම සහ ඩීමෝ කෘෂි යාන්ත්‍රික අංශය එක්ව, නිවැරදි ගුණාංග සමගින් ඉහළම කාර්යක්ෂමතාවයක් ළඟාකර දෙන ලෙසින් නිෂ්පාදනය කෙරුණු මහින්ද්‍රා නවතම මාදිලියේ ට්‍රැක්ටර් රථ “වගා සෞභාග්‍යයා” වැඩ සටහන යටතේ තරුණ පරපුරට හඳුන්වා දීම ආඩම්බරයට කරුණක්. මහින්ද්‍රා සමාගමේ එකම ශ්‍රී ලංකීය හවුල්කරු  ඩීමෝ වන අතර, ඔවුන් සමග එක්ව, “වගා සෞභාග්‍යයා” වැඩසටහන සඳහා සහය වීමට අපි උපරිමයෙන් කැප වී සිටිනවා.” යනුවෙන් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් (දකුණු ආසියා) උප සභාපති සන්ජේ යාදව් මහතා සඳහන් කළේය.

“තරුණ පරපුර තුළ වගා කිරීමට ඇති වී තිබෙන උන්නදුව පිළිබඳ  රටතුළ කතාබහක් මතුව තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහය හිමි වන්නේ නම්, රජයේ දැක්ම සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ඔවුන්ට හැකියාවක් පවතිනවා.” ඩීමෝ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

“මෙම ජාතික වැඩසටහනට සහය වීම හැරුණු විට, අපේ රට යළිත් වතාවක් ස්වයං පෝෂිත කිරීමට තරුණ ව්‍යවසායකයින් වගාව සඳහා දිරිමත් කිරීම වෙනුවෙන් ඩීමෝ දක්වන දායකත්වය පිළිබඳව අපගේ ප්‍රශංසාව හිමි වෙනවා.” Mr. Farmer හි නිර්මාතෘ යුරේෂ් එරංග සඳහන් කළේය.

“පුරන් කුඹුරු නැවත වගා කිරීමේ කාර්යය සඳහා යන වියදමෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් වැය වන්නේ, බිම් සකස් කිරීමේ කාර්යය සඳහායි. ඒ සඳහා යාන්ත්‍රික සහකරු වශයෙන් ඩීමෝ පෙරමුණ ගැනීමත් සමග ව්‍යාපෘති වියදම විශාල වශයෙන් අඩු කර ගැනීමට අපට හැකියාව සැලසුණා. ඒ වගේම, මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් රථ නිසා කාලය ඉතිරි කර ගනිමින්, බිම් සකස් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමටත් අපට හැකිවුණා.” එරංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩීමෝ හි කෘෂි යාන්ත්‍රික අංශය මගින් කෘෂි කාර්මික ක්ෂේත්‍රයට නවතම තාක්ෂණය හඳුන්වා දෙන අතරම, ගොවි මහතුන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා දැනුම සපයමින් රටේ කෘෂි ක්ෂේත්‍රය බල ගැන්වීමට ඩීමෝ කැප වී සිටියි. ජනප්‍රිය මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ හා CLAAS ගොයම් කපන යන්ත්‍ර සඳහා ශ්‍රි ලංකාවේ බලයලත් එකම බෙදා හරින්නාද ඩීමෝ වන අතර, අලෙවියෙන් පසු ඉහළම සේවාවක් පිරීනැමීම සඳහා මෙන්ම, සහතික කළ ජෙනුයින් අමතර කොටස් පිරි නැමීම සම්බන්ධයෙන්ද සමාගම ප්‍රකටය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව