ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්ට ආයතනයට එරෙහිව MTV / සිරස යන රුපවාහිනී නාලිකා සිදුකල අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කිරීම.

WhatsApp Image 2020-11-23 at 15.16.07

2020 නොවැම්බර් 23වන දිනදීය . ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් කොවිඩ් -19 වැළදීම සම්බන්ධ  පරීක්ෂණ කිරීම සදහා  වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම පිළිබඳ  සඳහන් කරමින් නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල සිරස නිව්ස් ෆස්ට් මගින් සිදු කරන ලද ව්‍යාජ හා අපහාසාත්මක ප්‍රවෘත්ති අංග කිහිපයක් ගැන පැමිණිල්ලේ සඳහන් වේ.

මහජනතාව නොමඟ යැවීමට හා එමගින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් හා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම් වල සභාපතිවරයාට අපහාස කිරීම සඳහා ද්වේෂ  සහගත ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය  ප්‍රවෘත්ති නැවත නැවතත් එම නාලිකාව වෙතින් ප්‍රචාරණය කර  ඇත. මෙහිදී  පැමිණිලිකාර පාර්ශ්වය විසින් මෙමගින් ඇතිවූ අපකීර්තිය හේතුවෙන් එයට එරෙහිව රු. බිලියන 2 ක වන්දිමුදලක් ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කළේය..

ඒ අනුව අද නිකුත් කර ඇති අධිකරණ නියෝගය මගින්  MTV ආයතනයේ කිසිදු පාර්ශවයකට, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයට සහ  එහි සභාපති වරයාට කුමන හෝ ආකාරයකින් අපහස කිරීම වලක්වා ඇත.

 

 




 

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයේ  ප්‍රකාශ කර  සිටියේ විත්තිකාර නාලිකාව සෑම විටම නීතිවිරෝධී ලෙස සහ පැමිණිලිකාර ආයතනයේ අයිතිවාසිකම් උල්ලංගණය කරමින් ඔවුන්ට එරෙහිව ද්වේෂ සහගත ලෙස කටයුතු කර ඇති බවයි.

පැමිණිලිකාර පාර්ශවය විශේෂයෙන් කියා සිටියේ ජෝර්ජ් ස්ටුවර්ට්ස් සහ දෙරණ මාධ්‍ය ජාලයේ  සභාපති දිලිත් ජයවීර සහ කැපිටල්  මහාරාජා සභාපති රාජේන්ද්‍රම්  රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් මාධ්‍ය ආයතන අතර මතභේදයක් නිසා මෙම තත්ත්ව  හටගෙන ඇති බවයි.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, රුවන්ත කුරේ, නීතිඥ එස්. වසන්තකුමාර් නයිල්ස් යන මහත්වරුන් පෙනී සිටි අතර, නීතිවේදී උපදේශන පහසුකම්සපයනු ලැබුවේ  නීතිඥ සනත් විජේවර්ධන විසිනි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව