ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය විසින් 2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි

Image 04 (LBN)

5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් හි විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන පිරිනැමීමට බලාපොරොත්තු වෙයි

ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උළෙල දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව එම සම්මාන උළෙල 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් යන අංශයන්හි ඉහළම විශිෂ්ටත්වයක් දක්වන මෙරට ආයතන ඇගයීමට ලක් කිරීම අරමුණු කොට ගෙන ඇත.
 



 

JASTECA සංගමයේ  ආරම්භයේ සිටම සේවා ස්ථාන විශිෂ්ටත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා තිරසාරත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කරන ඔවුන් මෙම සම්මාන උළෙල සමඟ ඒ සඳහා වන සිය කැපවීම යලි යලිත් තහවුරු කිරීමට සමත්ව සිටියි. නවෝත්පාදන හා අඛණ්ඩ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ජපන් කළමනාකරණ දර්ශනය සාර්ථකව යොදා ගන්නා ව්‍යාපාර හඳුනා ගැනීමේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද මෙවර සම්මාන උළෙල තුළින් අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JASTECA හි සභාපති මංගල සමරජීව මහතා “ හුදු සම්මානයකට වඩා විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස මෙම JASTECA සම්මානය හඳුන්වා දිය හැකියි. ආයතනයන්ට ඉහළ කර්මාන්ත පිළිගැනීමක් සඳහා මෙන්ම පාර්ශවකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හා වෙළෙඳපොල තුළ වාසි සහගත තරඟකාරීත්වයක් ලබා දීමට ඒ තුළින් හැකියාව උදා වනවා. එමෙන්ම ආයතනික සංධිස්ථානයන් සනිටුහන් කිරීමේ අවස්ථා සහ සේවක නියැලීම තුළින්ද මීට සහභාගී වන්නන්ට ප්‍රතිලාභ උදා වනවා. ආයතනයන්හි වර්තමාන සාර්ථකත්වය තහවුරු කරන මෙම පිළිගැනීම අනාගත වර්ධනය සඳහා දිරි ගැන්වීමක් ලෙසද සඳහන් කළ හැකියි.” යනුවෙන් පැවසීය.

2025 JASTECA සම්මාන උළෙල තුළින් ඉහළ 5S ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ආයතන දිරි ගැන්වීම, කර්මාන්තයන් තුළින් විවිධ මට්ටමේ සමාගම් ආකර්ෂණය කර ගනිමින් ඒ හා සම්බන්ධ ආයතන ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම විශිෂ්ටත්වය සඳහා පාදක කර ගන්නා ඇගයීම් නිර්ණායක පිරිපහදු කිරීම මඟින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමටද ඒ තුළින් බලාපොරොත්තු වේ. මීට අමතරව විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන පුහුණු සැසි පුලුල් කිරීම හා 5S හි ප්‍රතිලාභයන් පිළිබඳ දැනුම ඉහළ නැංවීම මෙන්ම ව්‍යාපාර කාර්යක්ෂමතාවය හා ඵලදායීතාව කෙරෙහි බලපෑමක් ඇති කිරීමටද මෙම සම්මාන ප්‍රදානය තුළින් අවධානය යොමු කරයි.

2025 JASTECA සම්මාන උළෙල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන කාණ්ඩ 3ක් පාදක කර ගනිමිනි.

2025 Taiki Akimoto 5S සම්මාන – සේවා ස්ථානයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා 5S ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ආයතන ඇගයීමට ලක් කිරීම

2025 Nagaaki Yamamoto Kaizen සම්මාන – නවෝත්පාදන හා ව්‍යාපාර වර්ධනයට හේතුවන අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහිත වැඩසටහන් හඳුනා ගැනීම

2025 ආයතනික සමාජ වගකීම් තිරසාරත්ව සම්මාන – සමාජීය හා පාරිසරික වගකීම් විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන සමාගම් ඉස්මතු කිරීම

මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ යන කාණ්ඩ යටතේ රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන පිරිනැමීමට කටයුතු කර ඇති මෙම සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ ඉහළම ලකුණු ලබාගත් ආයතන 2025 JASTECA සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රාහකයා ලෙස සම්මාන හිමිකරු ගනු ඇත.

JASTECA හි ජ්‍යෙෂ්ට උප සභාපති හා 2025 සම්මාන උළෙලේ කමිටු සභාපති නිරෝෂ් ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ වසර ගණනාවක් පුරා ආයතනික විශිෂ්ටත්වයේ මිනුම් සලකුණක් ලෙස සේවය කර ඇති JASTECA සම්මාන උළෙල ඵලදායීතාව හා තිරසාරත්වය ඉහළ නංවන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ආයතනයන් දිරිගන්වනු ලබනවා. 2025 සම්මාන උළෙල සමඟ මෙහෙයුම් විශිෂ්ටත්වයේ ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරන ව්‍යාපාර හඳුනාගනිමින් එම ව්‍යාපාරයන් දිරි ගැන්වීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

2025 JASTECA සම්මාන උළෙල සඳහා වන අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව දැන් උදාකර දී ඇති අතර එම අයදුම්පත් JASTECA හි නිල වෙබ් අඩවිය වන https://jasteca.org/ හරහා ඉල්ලුම් කළ හැකිය. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2025 මාර්තු 25 දිනෙන් අවසන් වේ. ඉදිරිපත් කරන අයදුම්පත් කර්මාන්ත ප්‍රවීනයින්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් මූලික ඇගයීම්, කෙටි ලැයිස්තුගත කිරීම් හා අවසාන ඇගයීම් සිදු කරනු ලබයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව